V2025

විනෝදාස්වාද

ඉතාලිය අවසන් පූර්ව වටයට !

EURO Cup 2020 යුරෝපා කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගයට ඉතාලි පාපන්දු කණ්ඩායම හා ස්පාඤ්ඤ කණ්ඩායම මේවන විට සුදුසුකම් ලබමින් අද දින රාත්‍රී 21.00 එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට සියල්ල සූදානමින්.

ගෝලීය වසංගතයක් වෙමින් ලොවම වෙලාගත් කොරෝනා වෛරසයට යුරෝපයේ පාපන්දු උන්මාදය යටපත් කළ නොහැකි වූ බව ලොවටම හඬගා කියමින් අද රාත්‍රිය ග්‍රීෂ්ම ඍතුවේ වඩාත් උණුසුම්ම රාත්‍රිය බවට පත්වෙමින් පවතී.

පසුගිය ජයග්‍රහණය සමගින් ඉතාලි පාපන්දු කණ්ඩායම ඉතා හොඳ මානසික හා ශාරීරික යෝග්‍යතාවයකින් තරඟයට සූදානම් බවයි වැඩිදුරටත් ඔවුන් පැවසුවේ.

සුමුදු මද්දුමආරච්චි

මිලානෝ,

ඉතාලිය.

WhatsApp Image 2021 07 06 at 12.02.07

WhatsApp Image 2021 07 06 at 12.02.07 1

“චේ” පරිවර්තනය කළ මාලිනී ගෝවින්නගේ සමුගනියි

‘අර්නස්ට් චේ ගුවේරා’ කෘතිය ඇතුළු කෘති ගණනාවක් පරිවර්තනය කළ ප්‍රවීණ සාහිත්‍යවේදිනියක්, පුවත්පත් කලාවේදිනියක්, ලේඛිකාවක්, මෙන්ම කිවිඳියක් වූ මාලිනී ගොවින්නගේ මෙනවිය අද (21) අභාවප්‍රාප්ත විය.

‘ෆොන්ටමාරා’, ‘තැනිතලාවේ දේවතාවිය’, ‘අර්නස්ට් චේ ගුවේරා’, ‘මෝටර් බයිසිකල් දිනපොත’, ‘බොලීවියානු දිනපොත’, ‘මගේ පිකාසෝ’, ‘මා හද සඟවන්’, ‘කිවිඳ හදට එබී බලන්’, ‘හිම පාත්ති’, ‘පා සටහන් නැති දේවියෝ’, ‘අකීකරු මුහුදු ලිහිණියා’, ‘හඬනු පෙම්බර දේශය’, ‘වීදි හාදුව’, ‘ඉන්කා’, ‘දූවිලි දේදුන්න’, ‘දිවි අරුත’, ‘සන්ටිසුගේ යුද කලාව’, ‘මට මතක බීතෝවන්’ ආදී පරිවර්තන හා අනුවාද කෘති ගණනාවක් ඇය රචනා කළාය.

ඇය පරිවර්තනය කරන ලද “රළ” නමැති කෘතිය වෙනුවෙන් 2015 වසරේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම සිංහල පරිවර්තන විවිධ විෂය කෘතියට හිමි සම්මානයද පිරිනැමිණි.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි (ලේක් හවුස්) ඩේලි නිව්ස් සිළුමිණ, තරුණි ආදී පුවත්පත්වල මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ මාලිනී ගෝවින්නගේ මෙනවිය ඉන් විශ්‍රාමයාමෙන් අනතුරුවද නිදහස් මාධ්‍යවේදිනියක, ශාස්ත්‍රීය හා විචාර ලිපි ලේඛිකාවක ලෙස මෙන්ම ග්‍රන්ත පරිවර්තිකාවක ලෙසද කටයුතු කළාය.

ලේක් හවුස් ආයතනයෙහි වාර්ෂික බෞද්ධ ප්‍රකාශනයක් වන බුද්ධ ප්‍රදීප සඟරාවේ ආරම්භක කතුවරිය වූ ඇය ජාතික පුස්තකාලය මඟින් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රලේඛා සඟරාවේ සංස්කාරකත්වයද දැරුවාය.

විද්‍යාංලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන මාලිනී ගෝවින්නගේ මෙනෙවිය ඇමරිකාවේ මිචිගන් සරසවියෙන් පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩල සාමාජිකාවක ලෙස දිගු කාලයක් කටයුතු කළ ඇය අශෝක හඳගම මහතාගේ ‘අක්ෂරය’ චිත්‍රපටයට අධිකරණයට ගෙන ගිය මොහොතේ තනතුරු අත්හැර ඊට සිය විරෝධය පෑවාය.

කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය විකිරණ ප්‍රතිකාරය පවා ප්‍රතික්ෂේප කළාය.

රිචඩ් ද සොයිසා මාධ්‍ය සංකීර්ණයේ ජීවත් වූ ඇය අභාවප්‍රාප්ත වූයේ තම උපන් ගම වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය ග්‍රාමයෙහිය.

පවුලේ සාමාජිකයන් විසින් අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

lankatruth

ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබේ.

මියයන විය ඒ මහතා 71 වන වියේ පසුවිය.

උඩරට සහ පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුලසිරි බුදවත්ත මහතා මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ ප්‍රවීණ නර්තන ශිල්පියෙකි.

සංගක්කාර ICC හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” (ICC Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබේ.

ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම විශේෂ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව එළිදක්වා තිබේ.

කුමාර් සංගක්කාර හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ 1996 සිට 2015 කාලයට අදාළවයි.

ඔහු එම ලැයිස්තුවට එක් වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.

මෙතෙක් එම ලැයිස්තුවට මෙරටින් නම් කර ඇත්තේ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පමණි.

Page 34 of 34