Language Switcher

V2025

ජනප්‍රිය රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන දිවියෙන් සමුගනී

ජනප්‍රිය රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන  අභාවප්‍රාප්තවී තිබේ.

මිය යන විට 65 වැනි වියේ පසු වූ ඇය, පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ඇය කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර කුරුණෑගල රෝහලේදී ඊයේ (23) ජීවිතයට සමුදුන්නාය.

ඇය 1981 වසරේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර ‘යහළු යෙහෙළි‘ , "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" , ‘රන්දැම්වැල්‘, ‘ක්‍රිස්තු චරිතය‘,‘යසෝමා‘ ඇතුළු චිත්‍රපට 30 කට වැඩි ගණනක රඟපා තිබේ.

සරසවිය නැගී එන නිළිය සම්මානයෙන් 1985 දී ඇය පිදුම් ලද අතර 1986 ඕසීඅයිසී කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

‘තුලා දහර’ , ‘සරල සමනලි’ ,‘කිත්සිරිගේ ඉරණම’, ‘දෙවෙනි වේදිකාව’, ‘සැවිල් පාලික්’ වැනි ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ. සපුගස්තැන්න, කලගෙඩිහේන ප්‍රදේශයේ ඇය පදිංචිව සිටියාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඇගේ උපන්ගම වූ කුරුණෑගල කටුපොතදී අද (24) සිදුකිරීමට නියමිතය.