විනෝදාස්වාද

වසර 17කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට....
2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය.
වසර 17කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් අද (03) හිමි විය.
මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී අද පැවැත්විය.
නදීෂා දිල්හානි ලේකම්ගේ මෙම තරගයේදී මීටර මීටර 61යි දශම 5යි 7ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.
ඇය එම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය එයයි.
ඒ අනුව 2006 වසරේදී සුසන්තිකා ජයසිංහගෙන් අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.
අද පැවැති හෙල්ල විසි කිරීම කාන්තා රන් පදක්කම ඉන්දියාව දිනා ගත් අතර, ලෝකඩ පදක්කම හිමි වූයේ චීනයටයි.

සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් තරුව හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්ත වෙයි
සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් (Heath Streak) අභාවප්‍රාප්ත වී ඇත.
ඒ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.
අභාවප්‍රාප්ත වනවිට හීත් ස්ට්‍රීක් 49 හැවිරිදි වියේ පසුවිය.
හීත් ස්ට්‍රීක් මියගිය බව ඔහුගේ බිරිඳ(Nadine Streak) සිය Facebook ගිණුම හරහා සටහනක් තබමින් තහවුරු කර තිබේ.

WhatsApp සඳහා නව විශේෂාංගයක්
වට්ස්ඇප් සඳහා මෙටා සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.
ඒ කෘත්‍රිම බුද්ධිය මඟින් ස්ටිකර් (Sticker) නිර්මාණය කිරීමේ හැකියාව වේ.
මෙහිදී පරිශීලකයින්ට ස්ටිකර් පැනලය (Stickers Pannel) විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි තමන්ට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතී.
මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් පවසන්නේ මෙය ඉදිරියේදී ෆේස්බුක් මැසන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම යෙදුම් වෙතද ලබා දෙන බවයි.
aruna

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' සඳට ගොඩබසී
ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ සාර්ථකව සඳට ගොඩබෑවේය.
'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.
ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය. යානය සඳට ගොඩබෑවේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැවැසීය.
'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව වාර්තා වේ. ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබුණි.
'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරැඹීය. යානය සාර්ථකව ගොඩබෑමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමතමින් සුබ පැතීමට මෝදි අමතක නොකළේය.
'චන්ද්‍රයාන් 3' වික්‍රමය සාර්ථක වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ සිටි අග්‍රාමාත්‍ය මෝදි, ජාතිය ඇමැතුවේය. ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි.
'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කළ 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.
Page 12 of 38