විනෝදාස්වාද

හදවතේ ගායකයා සුවය ලබා ගෙදර යයි !
ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට ඊයේ (27) සිය නිවස බලා පිටත්ව ගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවක් නිසා දින 40කට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කළ තිබුණ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .

මේ පාර බෙත්ලෙහෙමේ නත්තල් නෑ !
කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙනි.
සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.
මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටය.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.

කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා වන විජයකාන්ත්, කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.

හදවතේ ගායක චාමර සුව අතට !
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව වාර්තා වෙයි .
අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත චාමර වීරසිංහ මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබිණ .
එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණි.
මෙම සිදුවීම වාර්තාවීමත් සමග චාමර වීරසිංහ ගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් කළුබෝවිල රෝහල වෙත පැමිණීමට පටන් ගැනීමත් සමග එහි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .
Page 7 of 38