විනෝදාස්වාද

තවත් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක්
2024 දී ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙයි.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය මේ බව තහවුරු කර ඇති ආකාරයට, ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර මේ මස 26 වනදා ආරම්භ වන 33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු සුදුසුකම් ලබා සිටියි

යුපුන්ට විශිෂ්ට ජයක්
ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.
අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.35 ට පැවැත්වුනු අතර යුපුන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරද්දී දෙවන සහ තෙවන ස්ථාන වාර්තා කළ කාලය වන්නේ පිළිවෙලින් තත්පර 10.17ක් සහ 10.21කි.
පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටයේ තරඟය ( Heat) ජය ගනිමින් යුපුන් මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තත්පර 10.15ක කාලයක් වාර්තා කරමින්ය.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස යුපුන් අබේකෝන් සැලකේ.

තායිවානයේදීත් ලක් මාතාව රනින් බබළවන අපේ හපන්නු.....
තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ.
එහි මීටර 400 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක අද තරග බිමට එක් විය.
තරුෂි කරුණාරන්ත එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්ත්පර 52යි දශම 4යි 8ක කාලයකින් තරගය අවසන් කරමිනි.
ඇය මීටර 400 ඉසව්ව සඳහා දැක්වූ හොදම දක්ෂතාවයද එය වීම විශේෂත්වයකි.
තත්ත්පර 53යි දශම 9යි 3ක් කාලයකින් තරගය අවසන් කළ නදීෂා රාමනායක එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.
මෙම තරගාවලියේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ ප්‍රථමස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත් විය.
ඔහුගේ දක්ෂතාව දැක්වූයේ තත්ත්පර 45යි දශම 8යි 2ක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න මෙම තරගාවලියේ මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත් වූවාය.
ඇයගේ දක්ෂතාවය සටහන් වුණේ මිනිත්තු 4යි තත්ත්පර 24යි දශම 6යි 6ක් ලෙසයි.
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ තායිවානයේ තායිපේහිදීයි.

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.
F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය සඳහා අත් කර ගත්තේය.
Page 10 of 45