Language Switcher

Ad

Ad 01

V2025

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්

අද (18) සවස 4.06ට පමණ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

ඒ රික්ටර් මාපක 3.9ක ප්‍රබලත්වයකින් ය.

මෙම කම්පන තත්ත්වය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ සිදුව ඇත බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කළේ ය.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බවය.