V2025

විනෝදාස්වාද

රුසියාවේ Luna යානය සඳ මත කඩා වැටේ

රුසියාව, වසර 47කින් පසු පළමුවරට සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සෙනසුරාදා පස්වරු 2.57 ට පමණ  Luna-25 සමඟ සන්නිවේදනය අහිමි වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය 11 වනදා සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කර ඇති අතර, 800kg බරැති මෙම ගවේෂණ යානය සඳුදා චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය මතයානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් ගවේෂණය කිරීම සඳහා 1989 දී සෝවියට් සංගමය Phobos 2 ගවේෂණයෙන් පසුව රුසියාව අභ්‍යවකාශ වස්තුවක් මත ගොඩබෑමට උත්සාහ කර නොමැත.

 ශීත කළ ජලය සහ වටිනා මූලද්‍රව්‍ය ඇති  බවට  විද්‍යාඥයන් සිතන  සඳෙහි කලාපයක් ගවේෂණය කිරීම අරමුණ වී ඇති අතර, මෙම යානය  දළ වශයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයෙන් යුත් එකක් වන අතර එය දක්ෂිණ ධ්‍රැවයේ වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

MRS EARTH 2023 ජය ශ්‍රී ලංකාවට

Mrs Earth 2023 ජාත්‍යන්තර තරගය පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වූ අතර , ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, සහභාගී වූ සශ්මි දිසානායක එහි කිරුළ ජයග්‍රහණය කර ඇත.

Mrs Earth International කිරුළ ජයග්‍රහණයට අමතරව සශ්මි දිසානායක විසින් Mrs Earth Best in Catwalk, Mrs Earth Overall Best in Gown, Mrs Earth Overall Best In Resort wear, Mrs Earth Best In Talent යන අනු තරගාවලි සියල්ලම ජයග්‍රහණය කර ඇත.

Mrs Earth Sri Lanka 2023 තරගයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර වන අතර ඇයගේ පුහුණුකරු, ලෙස රුක්මල් සේනානායක කටයුතු කර ඇති අතර , Mrs Earth 2023 තරඟාවලියට පිලිපීනය, ජපානය, ඇමරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර්, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව ඇත.

Screenshot 2023 07 22 at 15.58.48

ශ්‍රී ලංකාවේ අවුරුදු 03ක දැරියකගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලාංකික දැරියක් විසින් අසාමාන්‍ය හැකියාවක් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර වර්තාවක් තබා තිබේ.

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු 03ක් වයසැති දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස 06වැනිදා ඉදිරිපත්ව තිබේ.

සෙන්තුල් කුමාර් භවිෂනා නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩි01යි තත්පර 06 ක් වැනි ඉතා කෙටි කාලයකදී නම් කර එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පැවසිය.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි දැරියගේ පියා පැවසීය.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත්, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බව සෙන්තුල් කුමාර්  කියා සිටියේය.

නව ආසියානු වාර්තාවක් සමග මීටර් 800 කාන්තා රන් පදක්කම ලංකාවට !

මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය අද (16) පැවති අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න විනාඩි 2.00.66කින් තරගය නිමකර නව තරගාවලි වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගත්තා ය.

ඒ සමග මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවද ඇය නමට ලියවිණ.

මෙම තරගයේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ගයන්තිකා අබේරත්න විසින් දිනුගනු ලැබීය.

තරුෂි කරුණාරත්න බිඳ හෙලුවේ 1998දී චීන ක්‍රීඩිකාවක් විසින් තැබූ තරගාවලි වාර්තාවකි.

එමෙන්ම ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි වාර්තාවක් බිහිකළේ සුසන්තිකා ජයසිංහ වන අතර එය 2002 වසරේ දී මීටර් 200 ඉසව්ව වෙනුවෙන් පිහිටුවා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙක් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බිහිකළේ වසර 21කට පසුව වීමත් විශේෂත්වයකි.

Page 13 of 38