Language Switcher

V2025

ශ්‍රී ලංකාව කඩුලු 10කින් ඇෆ්ගනිස්තානය පරදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද (05) සමත්විය.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සිව් දිනක් පුරා පැවැති ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම ලකුණු 296කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

ඒ අනුව, මෙම ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා ලකුණු 56ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 07යි පන්දු 02ක් අවසානයේ කඩුළු කිසිවක් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය. එහිදී දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර නිශාන් මදුෂ්ක ද නොදැවී පන්දු 23 කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් ලබා ගත්තේය.

2024 වසරේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ලෙස පසුගිය දා ආරම්භ වූ මෙම තරගාවලියේ දී පළමු තරගයෙන්ම මෙලෙස කඩුලු 10ක අද්විතීය ජයක් අත්පත් කරගන්නට ධනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි.