Ad

Ad 01

V2025

විනෝදාස්වාද

IPL තරගාවලිය සදහා දසුන් ශානකට ඇරයුමක්...

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවා තිබේ.

ඒ ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවටයි.

ඔහු 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේ ය.

එහිදී එම කණ්ඩායම විසින් දසුන් ශානකව මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මුදලකටයි.

එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහභාගී වන තරගය හෙට(19) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කාන්තා තුන්කොන් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී........

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව එම තරගාවලිය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර ඇත.

සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මැයි 11වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.

සියලුම තරග දිවා තරග ලෙසන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

schedul

Wild Cookbook: මිලියන 10 ක ග්‍රාහකයින් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික YouTube නිර්මාපකයා

ජනප්‍රිය YouTube නාලිකාවක් වන Wild Cookbook පිටුපස නිර්මාතෘ චරිත් එන්. සිල්වා, වේදිකාවේ ග්‍රාහකයින් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික අන්තර්ගත නිර්මාපකයා බවට පත්ව ඇත.

2020 දී ඔහුගේ නාලිකාව දියත් කිරීමෙන් පසු, චරිත් වීඩියෝ 600 කට වඩා උඩුගත කර ඇති අතර, බිලියන 4 කට වඩා නැරඹුම් රැස් කර ගෙන ඇත. ඔහුගේ අද්විතීය එළිමහන් ඉවුම් පිහුම් විලාසය සහ අව්‍යාජ ශ්‍රී ලාංකික වට්ටෝරු ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගෙන ඇති අතර, දේශීය ඩිජිටල් අන්තර්ගත අවකාශයේ නව මිණුම් ලකුණක් තබයි.

මෙම සන්ධිස්ථානය ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසයේ සැලකිය යුතු ජයග්‍රහණයක් සනිටුහන් කරයි.

තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි වාර්තාවක් බිඳ දමයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 1500 ඉසව්ව විනාඩි 4:29.99.කින් අවසන් කර ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටු වූවාය.

16 හැවිරිදි වියේ පසුවන තරුෂි විසින් බිඳදමනු ලැබුවේ 1985 වසරේදී ධම්මිකා මැණිකේ විසින් 4:35.7කින් අවසන් කර පිහිටුවා තිබූ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවයි.

තරුෂි, ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

Page 8 of 45