සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි

සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යමින් සිටියදී පෙරවරු 8.30ට පමණ එම දැනුම්දීම ලැබුන බව සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම් වරයා පැවසිය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මෙම විමර්ශන හා අධිකරණ ක්‍රියාවලිය සියලුම රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේදී තම බෙල්ල බේරා ගැනීම සඳහා වැදගත් විය හැකි බට කිර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ දීර්ග සටහනක් පළකර තිබිණ.


සබැඳි ලිපියක් :


හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට මොනවා වෙයි ද ?

 

උපුටා ගැනිිම-The leader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න