ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ(15) සමත් වුණා.
ඒ හොංකොං කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට හිමි වු ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 06 පමණක් දැවී ලකුණු 153ක් ලකුණු පුවරුවේ සටහන් කරමින්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය පැතුම් නිස්සංක 17 වැනි විස්සයි 20 අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් වු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු ලෙස ද වාර්තා අතරට එක් විය.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත් අතර නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේය.
කුසල් පෙරේරා ලකුණු 20 යි
පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගිමට හොංකොං ආරම්භක පිතිකරුවන් සමත් විය.
දුෂ්මන්ත චමීර ගේ පන්දුවක් හමුවේ සෙශාන් අලි දැවී යාම හේතුවෙන් එම සබඳතාව බිඳ වැටුණේය.
දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.