Language Switcher

V2025

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (08) පැවැති තරගය තාක්ෂණික දෝශයක් නිසා අතරමග නතර කිරීමට සිදු වීමත් සමගයි.

තරගය පැවති ක්‍රීඩාංගනය ඩෝන ප්‍රහාර එල්ල විය හැකි යැයි සැක කෙරෙන කලාපයට මීටර් 100ක් දුරින් පිහිටා තිබුනත් අවදානමක් ගැනීමට නොහැකි නිසා තරගය අත්හිටවු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

පකිස්ථාන් සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමටද පාකිස්ථානට මේ වනවිට පියවර ගෙන තිබෙනවා