Language Switcher

V2025

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ගාදිව් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වි අභාවප්‍රාප්ත වී තිබේ.

අද (19) උදෑසන සිය නිවසේ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අධ්‍යක්ෂකවරයා මිය ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් හදිසියේ ඇති වූ හෘදයාබාදයක් මරණයට හේතු වී ඇති බවට සැක පළකරණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 56 වන වියේ පසු වූ අතර තව දින 3කින් එනම් නොවැම්බර් 22 වනදාට ඔහුගේ 57 වන උපන්දිය යෙදී ඇති බව සඳහන් වෙයි.

සංජේ ගාද්වි හින්දි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇති අතර 2004 වසරේ "Dhoom" සහ 2006 වසරේ "Dhoom 2" යන සාර්ථක වූ හින්දි චිත්‍රපට දෙකට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.