V2025

විනෝදාස්වාද

ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

නුවරඑළිය – තලවාකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න  අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ(30) රාත්‍රී එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

රියැදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා නුවරඑළියට ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

පිලිපීනයට පළමු වරට ඔලිම්පික් රන් පදක්කමක් !

පිලිපීනය පළමු වතාවට ඔලිම්පික් රන් පදක්කමක් දින ගන්නට සමත්වූ අතර ඒ මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කළ හිඩිලින් ඩයස් විසිනි.

එහිදී ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 97 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 127 ක බරක් ඔසවමින් සමස්ථ සරගය තුළ කිලෝග්‍රෑම් 224 ක බරක් එසවූවාය.

ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට හිඩිලින් විසින් එසවූ කිලෝග්‍රෑම් 127 ක බර නව ඔලිම්පික් වාර්තාවක් ලෙසත් සඳහන් වෙයි.

pili 1000px

දෙවන T20 තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04ක විශිෂ්ට ජයක් හිමිවිය.

ඒ් අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජයගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක දැවී ලකුණු 132ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 136ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

තරගයේ  ලකුණු පුවරුව මෙසේය.

f8c58a27 whatsapp image 2021 07 28 at 11.49.30 pm

newsfirst

ටෝකියෝ ඔලිම්පික් පළමු රන් පදක්කම චිනයට

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය අද සමත් විය. ඒ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ කාන්තා ඉසව්වෙනි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්කම එම වෙඩි තැබීමේ ඉසව්වට එක් වූ ස්වාධීන ක්‍රිඩිකාවක් වන රුසියාවේ අනස්ටීසියා ගලෂිනා විසින් දිනා ගත්තාය. ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක් විසිනි. අද අලූයම 5 ට ආරම්භ වූ මෙම කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙලද එක් විණි. එහි දී ඇයට මූලික වටයේදී ක්‍රීඩිකාවන් 50 දෙනෙකු අතරින් හිමි වුණේ 49 වන ස්ථානයයි.

Page 32 of 35