V2025

විනෝදාස්වාද

උෂාන්ටත් රන් පදක්කමක්..

උෂාන් චාරුක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ.

ඒ, කිලෝග්‍රෑම් 109ට වැඩි බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය.

මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.

රටවල් 118ක් පරදා තරගකරුවන් 8000ක් අතරින් ලොව අංක 01 බවට පත්වූ ලංකාවේ අපේ පොඩ්ඩා.......

ලෝකයේ රටවල් 118ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් 8000කගේ පෝස්ටර් නිර්මාණ අභිබවමින් පළමු ස්ථානය දිනා ගැනීමට 5 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙකු සමත් වී තිබේ.

ඔහු නමින් දිනුග ද සිල්වාය.

දිනුග මෙම චිත්‍ර තරගයට ඉදිරිපත් වූයේ, පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදීය.

පසුගිය වසරේ ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් සංවිධානය කරනු ලැබූ මෙම පෝස්ටර් නිර්මාණ තරගයේ තේමාව වූයේ, "Our Actions are Our Future. A Zero Hunger World by 2030 is possible," යන්නය.

එය වයස් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වුණු අතර දිනුග ද සිල්වා ඉදිරිපත් වූයේ, වයස අවුරුදු 5 - 8 වයස් කාණ්ඩය යටතේය.

දිනුගගේ පෝස්ටර් නිර්මාණයේ දැක්වෙන්නේ, ලෝකයට ආහාර සපයන පලතුරු සහ එළවළු බීජ ලෝකයේ ම සිටුවා කුසගින්න තුරන් කිරීමය.

දිනුගගේ පෝස්ටර් නිර්මාණය

බත්තරමුල්ල ප්‍රදේශයේ ඔවුන් වෙසෙන නිවසේදී, ලෝකයෙන් ම පළමු ස්ථානය දිනූ දිනුග ද සිල්වා සහ ඔහුගේ දෙමාපියන් සමග කතාබහ කිරීමට බීබීසී සිංහල සේවයට අවස්ථාව ලැබිණ.

ඔහුගේ මව වන චමිලා එදිරිසූරිය බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, සිය දරුවා මෙම තරගයට ඉදිරිපත් වීම "අහම්බයකින්" සිදු වූවක් බවය.

"මං ඔෆිස් එකේදි වැඩකට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනකොට කවුරුහරි ගූගල් එකේ සර්ච් කරල තිබුණා. FAO Poster contest කියලා. එතකොට තමයි මමත් ලින්ක් එකට ගිහින් බැලුවේ. බැලුවට පස්සේ 5-8 ඒජ් ගෲප් එකක් තිබුණ නිසා, පුතා බිත්තිවලත් අඳින නිසා ගෙදර ඇවිත් ඇහුවා අඳිමු ද කියලා. ඊට පස්සේ තමයි මේකට යැව්වේ අපි."

කුඩා කල සිට ම සිය දරුවා බිත්ති මත කුරුටු ගෑ අතර ඒවා නතර කිරීමට දිනුගගේ මව උත්සහ කර නොමැත.

"අවුරුද්දයි මාස දෙකේ විතර ඉඳල එයා ඩේ කෙයා එකක හිටියෙ, අපි දෙන්න ම ඔෆිස් යන හින්දා. ඊට පස්සේ ඩේ කෙයා එකේ ඉඳන් ඇවිල්ලා මං හවස උයනකොට එයාට වෙන වැඩක් කෙරෙන්නේ නෑනේ. මට බලන්න වෙන්නෙත් නෑ. බිම, බිත්තිවල ඒ ඔක්කොගේ ම කුරුටු ගානවා. ඊට පස්සේ පොත්වල. සමහර දවස්වලට එක දවසට මුළු පොතක ම කුරුටු අඳිනවා," චමිලා එදිරිසූරිය සඳහන් කළාය.

ළමා මනෝ වෛද්‍ය විද්‍යාව අනුව ද දරුවන් බිත්තිවල කුරුටු ගෑම ආදී ක්‍රියාකාරකම් නතර කිරීමට උත්සහ කිරීම ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට බාධාවක් වන බව හඳුනාගෙන තිබේ.

සිය දරුවාගේ ජයග්‍රහණය පිළිබඳව සතුටට පත්ව සිටින දිනුගගේ මව පැවසුවේ, ඉතා කුඩා කාලයේදී ම සිය දරුවා තමන්ට ගෞරවයක් අත් කර දුන් බවය.

"හැම අම්මා කෙනෙකු ම හිතන්නේ තමන් ඉන්න තැනට චුට්ටක් හරි තමන්ගේ දරුවා උඩට ගෙනියන්න ඕන කියලා නේ. දැන් මට හිතෙනව මෙයා මං ඉන්න තැනට වඩා ආඩම්බරයක් එයා මට දීලා තියෙනවා, අවුරුදු පහේදී ම."

උපුටාගැනීම BBC සිංහල සේවය 

ඉන්දිකටත් රන් පදක්කමක්

ඉන්දික දිසානායක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ.

ඒ, කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය.

මේ අතර චතුරංග ලක්මාල් ද අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය.

මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.

ලංකා මානව හිමිකම් සංවිධානය ක්‍රීඩාවේ හපනුන්ට දිරිය දෙයි !

ලංකා මානව හිමිකම් සංවිධානය පසුගිය 25 වනදා ක්‍රිඩා කෞෂල්‍යයෙන් සුවිශේෂි දක්ෂතා දක්වන මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ දු දරුවන් තිදෙනෙක් සඳහා ඔවුන්ගේ ක්‍රීඩාවේ වර්ධනය සඳහා අවශ්‍ය ක්‍රීඩා පාවහන් යුගල ලබාදීම සිදුකරනු ලැබිණ.

ක්‍රීඩා ආචාර්ය නාමරත්න විසින් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂක හා ජාතික සංවිධායක දිලුක වීරසුරියගෙන් කල ඉල්ලීමක් මත ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස්ගේ ඉල්ලීමකට අනුව සංවිධානයේ ගෞරවනීය සාමාජිකයන් වන සිබ්ලි මහතා, රිෆකි මහතා, ප්‍රසන්න සෙනරත් මහතා, වෛද්‍ය නිසල් පෙරේරා හා මයුරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම දුවා දරුවන් වෙත පාවහන් කට්ටල ලබාදීම සිදුව තිබේ.

මෙම අවස්ථාව සඳහා ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති සරත් ජයන්ත පීරිස්, අධ්‍යක්ෂක ජාතික සංවිධායක දිලුක වීරසුරිය, කළමනාකාර- විශේෂ ව්‍යාපෘති නුවන් විමලසේන, ප්‍රසන්න සෙනරත්(ගම්පහ), අර්ජුන එදිරිසිංහ(ගම්පහ) ඇතුළු සමාජිකයන් රැසක් සහභාගි වු අතර මින් ඉදිරියටද මෙවැනි අවශ්‍යතා ඇති දරුවන් සදහා මෙවැනි අධාර අනුබල ලබාදීම සඳහා සංවිධනය ඇප කැප වී සිටින බව සභාපතිවරයා පැවසීය.

IMG 20220124 WA0048

hrw sl 1000px

IMG 20220124 WA0051

 

Page 21 of 34