Language Switcher

V2025

එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එළඹෙන ජනවාරි මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ඇය මෙරට සංචාරය කරනු ඇත.

ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඇයට රාජකීය ආරාධනය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.