Language Switcher

V2025

හිඟ වැටුප් සමගින් තැලූ පැලෝපීය නාළ රිවස් වෙයි….!

රටම ආන්දෝලනයට ලක් කරමින්, ඉතා සූක්ෂමව බලය අරඹයා කළ කුමන්ත්‍රණ වලින් එකක් ලෙස වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් විසින් සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කිරීමේ පුවතක් රට පුරා ලැව් ගිණ්නක් සේ ඇවිලී ගියේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍යක් විසින් " තව්හිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කරලා" යන පුවත සමගිනි.

දේශපාලකයන් හා පූජ්‍ය පක්ෂයත් නාළ තැලූ බවට චෝදනා කළා මතකද..?

ඉතා සැලසුම් සහගතවත් සූක්ෂමවත් ක්‍රියාත්මක වූ මේ මහා කේදවාචකය සමස්ත ශ්‍රී ලංකාවේ ආර්තික,සාමාජීය හා දේශපාලනික තත්වයන්ට සිදුකළ බරපතල හානිය කිසිදා නිවැරැදි නොකළ හැකි භයානක ප්‍රතිඵල ගෙනදුන්නකි.

පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංස, පා: ම: පූජ්‍ය අතුරලියේ රතන හිමි, වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු පිරිස් විසින් විද්‍යුත් මාධ්‍ය,මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම කරුණු විකෘති කරමින් සමාජ ස්තරයන් තුළ දැඩි වෛරීය හා ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන අයුරින් ක්‍රියාත්මක වෙමින් රට තුළ ගර්භාෂ යුද්ධය ක්‍රියාත්මක වනබවත් වහාම එය නැවැත්වීමට පවතින පාලනය පෙරලා දමා නව පාලනයක් ඇතිකළ යුතු බවට කරුණු වාර්ථා කරමින් රිසිසේ ක්‍රියා කළ අතර, අවම මාධ්‍ය සදාචාරයක් හෝ නොමැතිව බලපෙරලියට උඩගෙඩි දෙමින් ජඩ මාධ්‍යද ඉතා අපූරුවට කොන්ත්‍රාත්තු ක්‍රියාත්මක කෙරිණ.

තවද කිසිඳු සාධාරණ පරීක්ෂණයකට පෙරාතුව ජාතීන් අතර දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළ මෙම ගැටලුව පිළිබඳ අතැඹුලක් සේ කරුණු දැක්වූ දේශපාලකයන් පූජකයන් හා පොහොට්ටු පාක්ෂිකයන් සිදුකළ අනර්ථය අදවන විටත් බිඳුණු කැඩපතක ප්‍රතිභිම්භයක් සේ සමාජගතව ඇත.

කැලඹෙන සමාජයට සත්‍ය වටහාදුන් එංගලන්තයේ ශ්‍රී ලාංකික වෛද්‍ය වරයාට මහාචාර්ය චන්නගෙන් දෝස්මුරයක්…..!

සියල්ලෝ මනුෂ්‍යන් වන සමාජයක එක් ජාතියක් විසින් තවත් ජාතියක වර්ගයා බෝ වීමට භෞතිකව යම් හානියක් සිදුකරන්නේ නම් එය වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවද අතිශය දරුණු අමානුෂික වරදකි..

එනිසාවෙන් කැලැඹී ගිණි ගනිමින් තිබී ශ්‍රී ලාංකික සමාජය තුළ පැතිරෙන දුර්මතය නිවැරැදි කරනට එංගලන්තෙ මිල්ටන්සි කේන්ස් විශ්වවිද්‍යාල රෝහලේ සේවය නියුතු වෛද්‍ය පියල් පෙරේරා විසින් තම වෘත්තීය දිවියේ වසර 25ක අත්දැකීම් සමගින් දීර්ඝ විස්තරාත්මක ලිපියක් තම මුහුණු හරහා සමාජගත කරමින් විද්‍යාත්මක විග්‍රහයක් සිදුකර තිබුන අතර ඊට එදිරිව වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් සංගීතවේදී ඉරාජ් වීරරත්න හා එක්ව වෛද්‍ය පියල් පෙරේරා කිසිඳු වෘත්තීය සුදුසුකම්ක් නැති "ගොබ්බයෙක්" බවට වීඩියෝවක් සමාජගත කරමින් නැවතත් වටයකින් ඇතිවූ දුර්මතය තීවෘ කරමින් සමාජය පුරා වෛද්‍ය සාෆිටත් මුස්ලිම් සමාජයටත් වෛරය වැපිරවීය.

එමෙන්ම වෛද්‍ය පියල් පෙරේරා විසින් කිසිදා නොහඳුනන වෛද්‍ය සාෆිට එරෙහිව සිදුකළ අමානුෂික අපහාසාත්මක තර්ජන හා චෝදනා වෙනුවෙන් තම වෘත්තීය ක්ෂේත්‍රයේ ගෞරවය පිණිස පෙනීසිටීම වෙනුවෙන් දැඩි සමාජ දෝෂ දර්ශනයයටද ලක්විය.

වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ගෙවයි එදිරි වූ සමාජය නිහඬයි……!

අද දින සමාජ මාධ්‍ය පුරා වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් හට මේවන තුරු අයවිය යුතු හිඟ වැටුප් රුපියල් 2675816.48ක මුදලේ චෙක් පත සංසරණය විය. එමෙන්ම එම මුදල් වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් විසින් උද්ගත අධික බෙහෙත් හිඟය උදෙසා අත්‍යාවශ්‍ය බෙහෙත් මෙරට ජනතාව වෙනුවෙන් මිළදී ගැනීම සඳහා රජයටම පරිත්‍යාග කරන්නට තරම් සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකු ලෙස උසස් මනසකින් යුතුව ක්‍රියාත්මක වී ඇති මොහොතක අප විසින් එංගලන්තයේ සේවයේ නියුතු වෛද්‍ය පියල් පෙරේරා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටීම හා වර්තමාන තත්වය පිළිබඳ අදහස් දක්වන ලෙස ඉල්ලා සිටි අතර ඔහු දැක්වූ අදහස් මෙසේය..

මම වෛද්‍ය සාෆි ෂහබ්ඩීන් පෞද්ගලික හඳුනන්නෙ නැහ.
කිසිම දිනක ඔහු සජීවීව දැකලත් නැහැ. ඒත් 2019 මැයි මාසෙ 25 මම මගේ ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ ලිපියකින් සමාජගත කරන්න උත්සාහ කලේ වෛද්‍ය වෘත්තියේ සැබෑ ගෞරවය ආරක්ශා වියයුතු නිසාත් මේ ප්‍රශ්නය නිසා අපට සිටින විශේෂඥ මුස්ලිම් වෛද්‍යවරුන් රැසකගේ සේවට අපට අහිමි වේවි කියන බියත් එක්ක.. ඒක සමාජයට මහත් අපරාධයක් .ඒ අය ඒ වනවිටත් සමාජයෙන් එල්ලවන පීඩනය නිසා රට හැරයමින් සිටියෙ…
අනික තමයි සිසේරියන් සැත්කමක් තනිව වෛද්‍ය වරයෙකුට කළ නොහැකියි. අපි කණ්ඩායමක් විදියට ශල්‍යාගාරයෙ වැඩ කරන්නෙ…

ඔබට, මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන විසින් දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් සමාජමාධ්‍ය හරහා දියත්කරනව ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ..?

ඇත්තටම මම පෙනී හිටියෙ සත්‍ය වෙනුවෙන්.. ඒ මොහොතෙ පවතින පාලනය පෙරලා දමන්න වගේම පෞද්ගලික ඉලක්ක වෙනුවෙන් වෛද්‍ය වෘත්තීය පාවිච්චි කරපු වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු රැසක් හිටිය. ඔවුන් තදින්ම පෙනීහිටියෙ වෛද්‍ය සාෆි කිසිඳු පරීක්ෂණයකින් තොරව උල තියන ආකාරයට.. ඒ කියන මහාචාර්ය වරයාට මම අනුකම්පා කරනව.. සත්‍ය කියන්නෙ සත්‍ය, මම කිසිම මොහොතක මගේ පැවැත්ම හෝ මගේ පවුලේ පැවැත්ම වෙනුවෙන් වෘත්තීය අවභාවිතා නොකරනව වගේම, කෙතරම් අවාසි උනත් සත්‍ය වෙනුවෙන් පමණක් පෙනී සිටින රටට ඇත්තටම ආදරේ පුද්ගලයෙක්.
ඒ නිසා තමයි මහාචාර්ය රනිල් ජයවර්ධන විසින් අමාත්‍ය ප්‍රසන්න රනතුංග පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතෙ ඒ වෙනුවෙන් මගේ ඍජු අදහස සමාජ මාධ්‍යට මුදා හැරියෙ.

අවසාන වශයෙන් ඔබට සමාජයට කීමට ඇත්තෙ කුමක්ද..?

ඇත්තටම සමාජයට කියන්න තියෙන්නෙ මීටවඩා වගකීම් සහගතව හැසිරෙන්න.. දැනුවත් උගත් අය පටු වාසිවලට තමන්ගෙ වෘත්තීය ගෞරවය කෙලෙසගන්න එපා.. අපි මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදලෙන් ඉගෙනගත් අය. ඇත්තටම වෛද්‍ය සාෆිගෙ පවුලට ඒ දරුවන්ට සිදුවුනේ කිසිදා ප්‍රතිපූර්ණය කළ නොහැකි සමාජ අසාධාරණයක්, ඒ වගේම ඔහු විසින් ඒ මුදල් ඔහුට එරෙහිවූ සමාජය සුවපත් කරන්න පරිත්‍යාග කළ එකට කෘතඥ වෙන ගමන් මේ ජාතික අපරාධයට හවුල් වූවන්ට මාධ්‍ය ආයතන වලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ය.

සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

IMG 20220613 WA0006

FB IMG 1655110312361