Language Switcher

V2025

ඇප නෑ : කෙහෙලිය ආයෙත් රිමාන්ඩ් !

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

ඊට අදාළ නඩුව අද (22) යළි කැඳවූ අවස්ථාවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම අදාළ නියෝගය කළාය .

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සිදුකළ ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රතික්ෂේප කළාය.