V2025

පුවත්

ජූලි 10 දක්වා රට කරවන හැටි : කැබිනට්ටුව ගත්ත තීන්දු මෙන්න !

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 දක්වා මෙරට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් බලපෑම් සහගත තීන්දු කිහිපයක් කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇත .

මේ සම්බන්ධයෙන් යම් කරුණු ප්‍රමාණයක් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් අද මාධ්‍ය හමුවකදී දැනුම්දෙනු ලැබිණ .

ඊට අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සපයමින් සෙසු කටයුතු තාවකාලිකව සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ.

එයින් අදහස් වන්නේ පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙනු ඇති බවය.

එසේම නගරික ප්‍රදේශවල පාසල් ජූලි 10 දක්වා වසා තැබීමටත් අන්තර් පළාත් ගගමනාගමනය බොහෝ දුරට අත්හිටුවීමට සිදුවනු ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය .

ඒ අනුව වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සිපෙට්කෝ වෙතින් ඉන්ධන සැපයෙනු ඇත.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .

“මේ දුෂ්කර අවස්ථාවේ දී ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ට සහාය වන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් වෙන්නහොත් වෙන්නේ අපිට අත්‍යාවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා සංස්ථාව සතුව තිබෙන සීමිත තොග බෙදාහැරීමේ ගැටලු මතු වෙනවා.

ඒ නිසා තමයි ජුලි මස 10 වැනි දින තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනික් කටයුතු තාවකාලිකව වශයෙන් අත්හිටුවීමේ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලය තීරණය කළේ. ඒ අනුව පාසල් ගත්තොත් ඒ සඳහා අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කළා තීරණ ගැනීමේ බලය ලබල දීලා තියෙනවා පාසල් ප්‍රධානීන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට සම්බන්ධව තිබෙන පොදු ප්‍රවාහනය විශාල වශයෙන් යොදා නොගෙන පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් පාසල් 10 වැනිදායින් පසුව පටන් ගන්නවා. දහ වැනිදා සිට අඛණ්ඩව ඛනිජ තෙල් සහ ගෑස් කැපවීම පිළිබඳ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදලා තිබෙන්නේ.

ඒ නිසා මේ ඇතිවෙන තාවකාලික දුෂ්කරතාවය පිළිබඳ අපි රජය වශයෙන් කනගාටුවට පත් වෙනවා. මොකද මේ අපේ රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ම රාජ්‍ය මූල්‍ය හා විදේශ විනිමය පිළිබඳ අර්බුදය යටතේ අපි විදේශවලින් කලින් ලබාගෙන තිබෙන ණය තුරුස් නිසියාකාරව නොගෙවීම කරණ කොටගෙන අපිට ආනයනය කරන්න අවශ්‍ය ණයවර ලිපි විවෘත කරවා ගැනීම යන ආදීන් ඇති වෙලා තිබෙන ප්‍රශ්න රාශියක් තමයි මේ. ලබන 10 වැනිදා සිට ඛනිජ තෙල් හා ගෑස් අඛණ්ඩව සැපයීම සඳහා වැඩපිළිවෙල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන තෙක් මේ කාල පරිච්ඡේදය තුළ අද මධ්‍යම රාත්‍රී 12 සිට ජුලි 30වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවත්වාගෙන යන්න තීරණය කළේ. කෙටි දුර සඳහා පොදු ප්‍රවාහනයට ඉඳලා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අන්තර් පළාත් ගමනාගමය බොහෝ දුරට අත්හිටුවන්න සිද්ධ වෙනවා.”

තියෙන සල්ලිවලින් ඉන්ධන ගේන්න : ජනාධිපති දන්වයි !

දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

ඒ දිගු කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

එසේම ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර ඇත.

එසේම මෙහිදී තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණයවී ඇති බවත් වාර්තා වෙයි .

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් දෙනු ලැබූ බවත් වාර්තා වෙයි .

මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඉන්ධන සැපයුම් නියෝජිතයින් විසින් පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .

ඉන්ධන අර්බුදය ගැන : නීතිඥ සංගමයෙන් සැර නිවේදනයක් !

මෙම මොහොතේ දී, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලනඥයන් වගකීම භාර ගත යුතු බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත .

සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් වී ඇති බවත් එහි සඳහන් කර ඇත .

එසේම ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම පිළිබඳ අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදන මාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය සහ නිල නිවේදන සම්බන්ධයෙන් තිබෙන මහජන අවිශ්වාසය නිරූපණය වන බවත් එහි සඳහන් ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මගින් සිදුවන බලපෑම අතිමහත් වන තත්ත්වයක් තුලදී රජය විසින් නිසි කලට නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත .

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ඉන්ධන හිඟය සහ එමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නිවේදනය !

වර්තමාන ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵල හේතුවෙන් නිර්මාණය වී තිබෙන, විශේෂයෙන්ම ඉන්ධන හිඟය ඇතුළු විවිධ හිඟයන් ශ්‍රී ලංකා රජය විසින් කළමනාකරණය කරනු ලබන ආකාරය සහ එමගින් ජන ජීවිතවලට ද, රටේ පරිපාලනයට ද, ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ අවසානයේදී ප්‍රජාවේ ස්ථාවරත්වයට ද සිදුවී තිබෙන අහිතකර බලපෑම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.

එමගින් රටේ නීතිය සහ සාමයද පිරිහීමට ලක් වී ඇත.

ඉන්ධන සැපයීම පිළිබඳ බලධාරීන්ගේ පුස් නිවේදන !

ඉන්ධන සැපයුම පිළිබඳ බලධාරීන්ගේ නිවේදන අනුපිළිවෙලින් පහත දක්වා තිබේ:

ජූනි 17දා: ඔක්ටේන් 92 ඉන්ධන බැරල් 300,000ක් ආනයනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි විවෘත කර තිබෙන බව නිවේදනය කරන ලදී.

ජූනි 19: පෙට්‍රල් සහ ඩීසල් වෙනුවෙන් ඩොලර් මිලියන 90ක ණයවර ලිපි විවෘත කර ඇති බව ද එම තොග අනුපිළිවෙලින් ජූනි 23 සහ 24 දිනවල ලැබීමට නියමිත බව ද නිවේදනය කරන ලදී.

ජූනි 23: මෙට්‍රික් ටොන් 40,000ක ධාරිතාවකින් යුක්ත ඉන්ධන නෞකාවක් ළඟාවීම එක් දිනකින් ප්‍රමාද වන බව නිවේදනය කරන ලදී.

ජූනි 24: කලින් දිනයේ ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාව ළඟාවීම තවදුරටත් ප්‍රමාද වන බව සැපයුම්කරු විසින් ලංකා ඛනිජතෙල් සංස්ථාවට දැනුම්දී ඇති බව ද, එම නෞකාව පැමිණෙන දිනය එම දිනය ඇතුළතදීම දැනුම් දෙන බව ද නිවේදනය කරන ලදී.

ජූනි 25: ‘බැංකු සහ සැපයුම්’ හේතු මත ඉන්ධන සැපයුම සිදුකළ නොහැකි බව සැපයුම්කරු දැනුම් දී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සන්නිවේදනය කළේය. ඉදිරි සතිය තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය නොකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. (ඔහු එම ඉල්ලීම සිදුකළේ ඒ හා සමානම ඉල්ලීමක් කර දින කීපයකට පසුවයි. කෙසේ වෙතත්, එම අතරතුර කාලයේදී ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සපයන ලදී.)

ඇමතිත් රැවටුනාද ?

ඉන්ධන රැගත් නෞකා නැවත පැමිණෙන දිනය ලංකා ඛනිජතෙල් සංස්ථාවට ස්ථිරව පැවසිය නොහැකි බව ද ඇමතිවරයා පැවසීය. මීළඟ බොරතෙල් තොග ළඟාවන තෙක් තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ද නතර කරනු ලබන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව, 2022 ජූනි 26දා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් හෙළිදරව් කරනු ලැබූ තොරතුරු අනුව පැහැදිලිව පෙනී යන්නේ අර්බුදය පිළිබඳ මහජනයා නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව ඔවුනට ව්‍යාජ බලාපොරොත්තු ලබාදී තිබෙන බවත්ය. ඊළඟ ඉන්ධන නෞකාව ළඟාවන්නේ කවදාදැයි නොදන්නා බව හෙළිදරව් වූ අතර, එවැනි අවිනිශ්චිත වාතාවරණයක් මැද රජය සතුව තිබුණු ඉන්ධන සංචිත ඊට වඩා විධිමත් ආකාරයෙන් කළමනාකරණය නොකළේ මන්දැයි ද පැහැදිලි කර නැත.

බලධාරීන් ජනතා අවිශ්වාසය වැඩි කළා !

බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදන මාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය සහ නිල නිවේදන සම්බන්ධයෙන් තිබෙන මහජන අවිශ්වාසය නිරූපණය වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මගින් සිදුවන බලපෑම අතිමහත් වන තත්ත්වයක් තුලදී රජය විසින් නිසි කලට නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටියි.

ඉන්ධන හල් අසල අසහනය සහ ප්‍රචණ්ඩත්වය !

දවසින් දවසම දහස් ගණන් ජනයා පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලබාගැනීම සඳහා රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල රැස්වන්නට යොමුවෙති. ඔවුන්ට ඉන්ධන ලබාගැනීම සඳහා පැය 24කට වඩා කාලයක් බලාසිටීමට සිදුවන අතර එමගින් අති විශාල වශයෙන් කාලය හා ඵලදායීතාව නාස්ති වේ. ඉන්ධන පෝලිම් හේතුවෙන් මහජනයා අතර අසහනය සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වී තිබෙන අතර ප්‍රජාවේ විවිධ අංශ අතර අවිශ්වාසය වර්ධනය වී තිබේ. ඉන්ධන පිරවුම්හල් අසල කලබලකාරී තත්වයන් සහ මහජනයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන් අතරද ගැටුම් නිර්මාණය වී තිබේ.

ඉන්ධන ජාවාරම් මඩින්න ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තාද ?

පෝලිම්වල රැඳීසිටියදී මියයන මිනිසුන් සංඛ්‍යවද වැඩිවී තිබේ. අධික මිලට ඉන්ධන අලෙවි කරන කළුකඩ පිළිබඳ වාර්තා පළවී තිබෙනමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් එවැනි ජාවාරම් මැඩලීම සඳහා එතරම් ප්‍රයත්නයක් දරා නැත.

ජුලි මාසයේ පළමු සතියේ ළඟාවනු ඇතැයි අපේක්ෂිත ගෑස් නෞකාවක් බලාපොරොත්තුවෙන් දීර්ඝ හිස් ගෑස් සිලින්ඩර පෝලිම් වීදි අයිනේ නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය.

ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම ඇතුළු ආර්ථිකයේ සියලුම අංශවලටද මේ මොහොතේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන අපනයනවලට ද ඉන්ධන හිගය අහිතකර ලෙස බලපා ඇත. එමගින් යුක්තිය පසිඳලීමට පවා ඍණාත්මක බලපෑමක් සිදු වී ඇත.

සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් !

එසේම, සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් වී තිබේ.
කෙටි කාලීනව, අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තහවුරු කිරීම සඳහා සකස්කරන ලද සැලසුම් පිළිබඳව කාලීනව හා ප්‍රමාණවත් අන්දමින් මහජනයාට කඩිනමින් තොරතුරු ලබා දෙන ලෙස සහ රට ඉන්ධන අර්බුදයෙන් සහ සමස්ත ආර්ථික අර්බුදයෙන් මුදවාගැනීම සඳහා සිය සැලසුම්වල මාර්ග සිතියම මහජනයා වෙත ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලාසිටියි.

එසේම, අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් නිසි පරිදි ලබාගැනීමෙන් අනතුරුව, මහජනයා වෙත සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් ඉන්ධන බෙදාහැරීම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම සැලැස්මක් සම්පාදනය කරන ලෙස ද, එහිදී පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සම්පාදනයට බාධා සිදු නොවන බව තහවුරු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි.

වර්තමාන තත්වයේ බරපතළකම සහ එමගින් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික ස්ථාවරත්වයට අත්විය හැකි භයානක ප්‍රතිඵල තේරුම් ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, රජයෙන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂවලින් හා ක්‍රියාකාරී කණ්ඩායම්වලින් ද ඉල්ලාසිටියි.

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සෑම පියවරක්ම වහාම ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම මොහොතේ දී, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලනඥයන් වගකීම භාර ගත යුතුය.

ඡායාරූප අනුග්‍රහය - ලංකාදීප

රටෙන් බහුතරයක් කළුවරට : විදුලි බිල 57% කින් ඉහළට !

ඉතාම ඉහළ ප්‍රමාණයකින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බව වාර්තා වෙයි .

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් ය.

ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා ඇති බව පවසා ඇති මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු බව පවසා ඇත .

අග්‍රාමාත්‍යවරයාට ඇමරිකාවෙන් පොරොන්දුවක් !

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට ඇමරිකාව එක්සත් ජනපදය එකඟ වි තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙරට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly keiderling) හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති අද(27) පැවැති සාකච්ඡාව අවස්ථාවේදී මේ බව සඳහන් වූ බවයි .

ඊට අනුව ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සදහා ද සිය සහායෝගය ලබා දෙන බවත් ඇමෙරිකානු රාජතාන්ත්‍රික කාණ්ඩයම ප්‍රකාශ කර ඇත .

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවති මෙම සාකච්ඡාව සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නි⁣යෝජ්‍ය සහාකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) , මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන්ංග්( julie chung ) සහාභගිව ඇති බවත් වාර්තා වෙයි .

මිට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක සහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් සමරතුංග ද සහාභගිව සිට ඇත .

IMG 20220627 WA0002

IMG 20220627 WA0003

අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න : රවීටත් ආරාධනයක් !

රටේ උද්ගත වී තිබෙන උග්‍ර දේශපාලන-ආර්ථික-සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ අතිශය කලකිරීමට පත්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තරුණ තරුණියන් සිය දිවි පරදුවට තබා උත්සහ දරමින් සිටින්නේ කෙසේ හෝ සිය මව්බිම අත හැර විදේශ රටකට පැන ගැනීමට යැයි විශ්වවිද්‍යාල තරුණ තරුණියෝ අවධාරණය කර සිටිති.

මේ තත්ත්වය අතිශය භයානක සහ ඉතා ශෝක ජනක බව පෙන්වා දෙන එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගෙන, අපේක්ෂා භංගත්වයට පත්ව සිටින තරුණ තරුණියන්ට නව බලාපොරොත්තුවක් ඇති කිරීමට දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේදයෙන් තොරව සියලු දෙනා එකට ඒකරාශී විය යුතු කාලය එළැඹ ඇතැයි ද තරයේ කියා සිටිති.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන විශ්ව විද්‍යාල තරුණ තරුණියන් මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කොළඹ දී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

විදේශ විනිමය උපයා ගනිමින් රාජ්‍ය ආදායම ද වැඩි කර ගෙන රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ආසියාවේ හොඳම මුදල් ඇමති ලෙස සිය දැනුම, අවබෝධය, පළපුරුද්ද, අත්දැකීම සහ නායකත්වය රට-ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් එහිදී ඉල්ලා සිටියේය.

එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් සහ යෝජනාවලට සාවදානව ඇහුම්කන් දුන් රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා , රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කරට ගෙන ඇපකැප වී ක්‍රියා කිරීමට තමා සූදානම් බව ද, රට-ජනතාව උදෙසා වන සිය වගකීම, යුතුකම සහ කාර්ය භාරය කිසිසේත් පැහැර හැරීමට ක්‍රියා නොකරන බව ද අවධාරණය කර සිටියේය.

මේ සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙසේ පැවැසූහ.

1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දරා තිබෙනවා.

එහෙත් රවී කරුණානායක මහතා හැරුණු කොට අනෙකුත් මුදල් ඇමතිවරුන් කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති අතර ජාතික වශයෙන් ද ඇගයීමකට ලක් වී නැහැ.

කෙසේ නමුත් 2017 වර්ෂයේ දී ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, ජාත්‍යන්තර "The Banker" සඟරාව නිවේදනය කර සිටියේ, "ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" ඔහුට එම සම්මානය ලබා දෙන බවයි.

රජයේ බදු ආදායම දෙස අවදානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355ක් දක්වා, රුපියල් බිලියන 305කින් එනම් 30%කින් පමණ ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා, රුපියල් බිලියන 241 කින් ඉහළ නංවා ගැනීමට සමත් වුණා.

රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අගය දිගින් දිගටම අඩු වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ගැටලු බොහොමයකට හේතු වී තිබුණා. මෙලෙස එම අනුපාතය දිගින් දිගටම පහළ වැටීමට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි.

2000 වර්ෂයේදී 17.2%ක් ලෙස පැවති එම අගය 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා පහළ වැටුණා. 2015 වර්ෂයේදී එම අගය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2016 වර්ෂයේදී එම අගය 14.1%ක් දක්වා ඉහළට එසෙව්වා. අනතුරුව නව මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමත් සමගම මෙම අනුපාතය නැවත පහළ යාම ආරම්භ වූ අතර 2020 වර්ෂයේදී එම අගය නැවතත් 9.6% දක්වා අඩු වුණා.

2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රුපියල් බිලියන 105 ක් දක්වා ද, 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු ආදායම රුපියල් බිලියන 80 දක්වා වැඩි කර ගැනීමට ඔහුට හැකි වුණා. මේ ක්‍රියා මාර්ගවලින් රුපියල් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා බදු දැල තාක්ෂණිකව එළා ප්‍රසාරණය කරමින් ධනවතුන්ගෙන් වැඩිපුර බදු ලබා ගෙන දුප්පතුන්ට විශාල වශයෙන් සහන දුන්නා.

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන වත්මන් උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බදු මුදල් තව දුරටත් වැඩි කර නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර සිටින බව අප කවුරුත් දන්නවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ කියන්නේ තාක්ෂණික සහ ප්‍රායෝගික උපාය උපක්‍රම භාවිතා කරමින් රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය එදා මෙහෙය වූ ආකාරයට මෙහෙය වන ලෙසයි. මහා බැංකු බැඳුම්කර චෝදනාවක් එල්ල කරමින් දේශපාලන වශයෙන් පරමාණු බෝම්බයක් ගැසුවේ රටේ ආර්ථිකය ගොඩනැගූ සහ ජාත්‍යන්තරයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ එහෙව් රවී කරුණානායකටයි.
ඇත්තටම මේ ක්‍රියාදාමය රවී කරුණානායක මහතාට එරෙහි කුමන්ත්‍රණයක් බව ඕනෑම ළදරුවෙකුට වුණත් තේරෙන අතර ඔහුට එරෙහිව පවරා ඇති මේ බැඳුම්කර නඩුව මේ වන විට පවත්වා ගෙන යාමටත් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව කිව යුතුයි.

ශ්‍රී ලංකා මහා බැංකුව එවකට පැවතියේ රවී කරුණානායක මහතා යටතේ නොව තමා යටතේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පැහැදිලිවම ප්‍රකාශ කරමින් එම සත්‍ය පිළි ගෙන තිබෙනවා. එමෙන්ම සියලුම රාජ්‍ය සහ වාණිජ්‍ය බැංකු පැවැතියේ ද රවී කරුණානායක මහතා යටතේ නොව කබීර් හෂීම් මහතා යටතේයි.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපති දප්පුල ද ලිවේරා රවී කරුණානායකට නඩු පවරමින් ඔහුට එළව එලවා ගැහුවේ හොඳම මුදල් ඇමති ලෙස පිදුම් ලැබීමත් සමග ද..?

මේ රටේ ජනතාව දැන්වත් මේ ප්‍රශ්න දෙස විචාර බුද්ධියෙන් බලා නිවැරදි තීන්දු තීරණ ගත යුතු අතර මේ ප්‍රශ්න සඳහා රට-ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ උත්තර ලබා දෙමින් රවී කරුණානායක මහතා ද සැබෑ හොරුන් කවුරුන්ද යන්න පිළිබඳව කරුණු හෙළි කළ යුතුයි.

ටැක්සි ගාස්තුවත් ඉහළට !

ඉන්ධන මිල ඉහළ දැමීම සමග දෙවැනි කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 80 ක මුදල රුපියල් 90 දක්වා, ඉහළ දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති පවසයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර තවදුරටත් සඳහන් කර සිටියේ දෙවැනි කිලෝමීටරය රුපියල් 10.00 කින් වැඩි කළත් පළමු කිලෝමීටර සදහා අයකළ රුපියල් 100 යේ ගාස්තුව ඉහළ නොදැමූ බවය.

එසේම පවතින තත්ත්වය අනුව ත්‍රිරෝද රථ සඳහා ස්ථිර ගාස්තුවක් නියම කිරීම සදහා බලධාරීන් ඉක්මණින් මැදිහත් වියයුතු බවත් ඔහු පැවසීය .

බැසිල් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දැනට ඔහුට හිමි ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ,සති අන්ත 'දේශය' පුවත්පත වාර්තා කරයි.

එහි සඳහන් ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ තමන්ගේ තීරණය පසුගියදා පොහොට්ටුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ හෙළිදරව් කර ඇත.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට තීන්දු කිරීමත් සමඟ, බැසිල් රාජපක්ෂ තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.

ඊට හේතු වුනේ, ඔහු ශ්‍රී ලංකාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියකුවීමය.

කෙසේ වුවත් අනතුරුව , සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් සමඟ කරන ලද , දීර්ඝ සාකච්ඡාවකට පසුව බැසිල් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන, මෙරට දේශපාලනයේ දිගටම ඉන්න තීන්දු කර ඇත .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂයේ ප්‍රධානීන් අතර ඇති අවබෝධය වන්නේ බැසිල් ගේ ඉලක්කය ඊළඟ (2024) ජනාධිපතිවරණය බවයි.

ඒ හේතුවෙන් ඔහු මේ වන විට පක්ෂයේ සංවිධාන කටයුතු නැවත අරඹා ඇති බවත් වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය වතාවේ මෙන්ම මෙවරත් පළාත් පාලන ආයතන මැතිවරණය ජයගෙන 2024 සඳහා මුහුණදීම බැසිල්ගේ මෙවරත් උත්සාහය වී ඇති බවයි. පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි .

ශ්‍රී ලන්කන් ගැන යහපත් තීන්දුවක් ගන්න සූදානමක් !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමේ අසීරුතා ඇති වී තිබීම හේතුවෙන් මැදපෙරදිග රටකට ලබාදීම සඳහා රජයේ අවදානය යොමුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන බැවින් මැදපෙරදිග වැනි තෙල් පවතින රටකට ලබාදුනහොත් එය ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබීම හේතුවෙන් ඒ ගැන වැඩි අවධානයක් රජයේ යොමුවී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

එසේම රුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක පමණ ණය ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේ ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ද ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි .

ඊට අදාළව ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද වාර්තා වෙයි .

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවත් දැනගන්නට ඇත .

වාර්ෂික උද්ධමනය - ලංකාව දෙවැනි සිම්බාබ්වේට පමණයි : මෙන්න සාක්ෂි !

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත .

මේ බව මහාචාර්ය ස්ටීව් හැන්කේ සඳහන් කර ඇත්තේ ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමිනි .

ඊට අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ රාජ්‍යය පමණි.

ඊට අදාළ දර්ශකය පහත දැක්වෙයි .

FWHiVYKWQAINPrd

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් නිකුත්කළ : අලුත්ම චක්‍රලේඛය මෙන්න !

රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ආයතනයේ එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන වන නව චක්‍රලේඛය අද (26 ) නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පී. කේ මායාදුන්නේ විසින් මෙය නිකුත්කර ඇත .

ඉන්ධන පිරිමසා ගැනෙන අයුරින් නිලධරයන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සියලු රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙසත් එහි සඳහන් කර ඇත.

අදාළ චක්‍රලේඛය පහත දැක්වෙයි .image 904c0659ea

 

 

ආපනශාලා ආහාර මිල 10% කින් ඉහළට : බේකරි නිෂ්පාදන මිල විවෘතව තියයි !

ඉන්ධන මිල දරාගත නොහැකි ආකාරයට ඉහළ යාම හේතුවෙන් බත් පාර්සලය ඇතුළු සියලු ආපන ශාලා ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද ( 26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මිල සංශෝධනයක් සිදු නොකළහොත් මේ වන විට 60%ක් වැසී ඇති ආපන ශාලා සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදු වන බවත් ඔහු පැවසීය .

බේකරි නිෂ්පාදන මිල විවෘතව තබයි !

මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව කිසිදු විශේෂ තීරණයක් නොගන්නා බවත් බේකරි නිෂ්පාදන වල මිල තවදුරටත් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවත් ය.

බේකරි නිෂ්පාදනවල මිල අදාල බේකරි නිෂ්පාදකයා දරනු ඇති බවත් තවදුරටත් මිල වැඩි කිරීමේ හැකියාවක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත .

තෙල් - ගෑස්  අර්බුදයේ ඉදිරි සතිය : රටේ තත්ත්වය බරපතළයි බියකරුයි !

"තෙල් - ගෑස් අර්බුදයේ ඉදිරි සතිය " මැයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිනුමේ මෙරට ඉදිරිය සම්බන්ධයෙන් බරපතළ මෙන්ම බියකරු පුරෝකථනයක් සිදුකර ඇත .

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .

තෙල් - ගෑස් අර්බුදයේ ඉදිරි සතිය !

වරාය, විදුලිබල මණ්ඩලය, හමුදාව, බස් ඩිපෝ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට හැර තෙල් සංස්ථාවෙන් තෙල් තොග නිකුත් කිරීම ඇණහිට ඇත.

රටේ අවම දෛනික ඉන්ධන අවශ්‍යතාව ඩීසල් 6000 MT ක් හා පෙට්‍රල් 3500 MT කි.

දැනට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොගය ඩීසල් 10,000 MT, 92 පෙට්‍රල් 1000 MT, 95 පෙට්‍රල 4000 MT කි. තෙල් බෙදාහරින මධ්‍යස්ථාන 11 ම වසා දමා ඇති ගානය.

මේ දිනවල ලංකාවේ විදුලි ජනනයෙන් 25% ක් සිදුවන්නේ ඩීසල්/ඉන්ධන මගිනි. දැනටමත් පොදු ප්‍රවාහණ සේවා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපන වී ඇත.

මඩකලපුව - අම්පාර ගොයම් කැපීම ඇරඹී ඇත. අස්වනු නෙලන්නට ඩීසල් නැත. වියළි කලාපයේ වගාවන්ට වතුර මෝටර සඳහා භුමිතෙල්, ඩීසල් ඇත්තේම නැති ගාන ය. හැදෙන ගෙඩිය, අලය, කරල වෙළෙඳපොලට ගෙනියන්නට ක්‍රමයක් ඇත්තේම නැති ගානය.

කෘෂිකර්ම, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ, පළාත් සභා හෙට අනිද්දා අලුතෙන් ගැසට්, නිවේදන නිකුත් කරනු ඇත.

රටට එක තැන නැවතීම වැලැක්වීමට ආණ්ඩුවට හෝ කිසිදු වැඩපිළිවෙළක් නැත. විපක්ෂය -- රටේ විකල්ප ආණ්ඩුව කියා දෙයක් නැත. සමාජ බලවේග කැඩි බෙදී වෙන්වී ඇත.

ගෑස් දැනටම නැත. ඉන්ධන තව ටික දවසකින් නැත්තටම නැතිවනු ඇත. විදුලිය කැපෙනු ඇත. ඇමතිවරු තව තව බොරු කියනු ඇත.

රැකියා ලක්ෂ 30 ක් අහිමි වනු ඇත.

පණ බේරාගන්න උත්සහ කරන්න!

රජිත් කීර්ති තෙන්නකෝන්

ඉන්ධන අර්බුදය තවත් ඇදෙයි - ඇමති පිළිගනියි : බස් ගාස්තු ඉහළට !

බස් ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

වාර්ෂික අනිවාර්ය බස් ගාස්තු සංශෝධනයක් ලබන ජූලි මස 1 වැනිදාට යෙදී තිබීම නිසා ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම ආදි රැසක් මේ වන විට ගැලපීම් කරමින් සිටින බවත් අමාත්‍යවරයාා සහ බස් සංගම් නිලධාරීන් අතර අනිද්දා (28) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඉන්ධන අර්බුදය දිගටම !

මේ අතර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත්තේ දැනට පවතින ඉන්ධන අර්බුදය තවත් වසරක් පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇති බවය.

එම කාලය අතරතුර ඉඳහිට ඉන්ධන පෝලිමේ නැති වනු ඇති නමුත් යලි ඇති වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත .

දැනට මෙරටට මාසිකව ඉන්ධන ආනයනය සදහා ඩොලර් මිලියන 600 ක් පමණ ප්‍රමාණයක් වැය වූවත් එය අනිවාර්යෙන්ම මිලියන 300 දක්වා හරි අඩකින් අඩු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එහිදී යම් යම් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පැවසූ ඔහු ඉන්ධන බෙදා හැරීම සඳහා ටෝකන් ක්‍රමයක් යුද හමුදාව මැදිහත් වී හෙට දිනයේ සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත .

මෑතකදී මෙරටට ඉන්ධන ගෙන්වීම සදහා ණයවර ලිපියක් විවෘත කරන ලද නමුත් එය ප‍්‍රතික්‍ෂෙප වූ බවත් ඊට හේතු වූයේ රුසියානු නැවක් වීම නිසා බවත් අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර ඇත .

මහ බැංකු අධිපති ගෙදර යවනවාද ? අග්‍රාමාත්‍ය මතය මෙන්න !

වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙනුවට තමන් විසින් වෙනත් අයකු එම ධුරයට පත් කරන බවට පළ වී ඇති ඕපාදුප තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

 ඊයේ (25) වෘත්තිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්මන් ධූර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වීමට නියමිත නමුත් ඒ අනුව එම ධුරයට වෙනත් අයකුගේ නමක් යෝජනා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අගමැතිවරයාගේ අවධානය මුළුමනින්ම යොමු වී ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර බැසිල්වාදියකු ලෙස ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර වත්මන් මහ බැංකු අධිපති ඉවත් නොකරන ලෙස ඉල්ලා ඇත.

ඩො.මි. 6.7 ගෙවූ චීන පොහොර වෙනුවට අලුත් පොහොර නෑ : හැබැයි වන්දියක් ඉල්ලයි !

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ඉරිදා ‘මව්බිම’ වාර්තා කර ඇත .

අදාළ පුවත අනුව එම සමාගමේ මෙරට නියෝජිත සමාගම හරහා ඒ බව දැනුම්දී ඇත .

මව්බිම පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති අතර යම් හෙයකින් එම පොහොර තොග භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබෙන බව ද පැවසේ.

ප්‍රතික්ෂේප වූ පොහොර තොග වෙනුවට නව පොහොරක් ලබාදිය නොහැකි බව එම හමුවේදී චීන සමාගමේ මෙරට නියෝජිතයා දැනුම් දී ඇති අතර චීන සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බව ත් ඔවුහු පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.

ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමට වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මෙරට නියෝජිත සමාගම දන්වා තිබෙන බව එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දෙරට අතර පවතින මිත්‍රශීලී ගනුදෙනු සඳහා බලපෑමක් ඇති කරනු ඇතැයි ද චීන පොහොර සමාගමේ දේශීය නියෝජිත සමාගම අනතුරු අඟවා ඇතැයි ඔහු තවදුරට ත් පැවැසීය.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ගෙවා අවසන් අතර මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැතැයි කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ චෝදනා කරති.

ඒ සඳහා අධිකරණයේ පැවරුණු නඩු කටයුත්තේදී එළැඹුණු සමථකරණයට අනුව ප්‍රසිද්ධ කළ යුතු ඒකාබද්ධ නිවේදනය පවා මේ වනතෙක් නිකුත් නොකිරීම සැක සහිත බව ද ඔවුහු පෙන්වා දෙති.

අර්බුදය මැද : ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් ලංකාවට !

ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් හෙට (26) සිට ලබන 29 දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි .

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට මෙම දූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත්, දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ද ඇතුළත් වෙයි.

ඔවුන්ගේ සංචාරය අතරතුර මෙරට දේශපාලන නියෝජිතයින්, ආර්ථික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධාන ද හමු වී සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පාර්ශ්වය පැවසීය.

පෞද්ගලිකව තබාගත හැකි ඩොලර් ප්‍රමාණය මෙන්න : සීමාව පැන්නොත් වැඩ වරදියි !

මෙරට සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට සිය සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය සීමා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .

ඊට අනුව ඇමරිකානු ඩොලර් 15000 සිට 10000 දක්වා එම විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය අඩු කර ඇත.

ඊට වැඩි විදෙස් මුදල් විදේශ ව්‍යාපාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට විකිණීම සිදු කළ යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .

ඒ සඳහා ඉකුත් 16වන දින සිට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දෙන බවත් ,පොදු සමා කාලය අවසානයේදී මෙම නියමය උල්ලංඝණය කරමින් තමා සංතකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව පියවර ගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකු වැඩිදුරටත් සඳහන් කර ඇත .

Page 239 of 389