විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කතානායකවරයා වෙත ලිපියක්

විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කතානායකවරයා වෙත ලිපියක්

නඩු ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වනවිට ගොඩගැසී ඇති මුළු නඩු සංඛ්‍යාව මිලියන 1.1 කට වඩා අධික බව අධිකරණ අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දී තිබෙන අතර එම නඩු ප්‍රමාණයට සාපේක්ෂව විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කර නොමැතිවීමත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමත්, රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්‍රමාදවීමත් මෙම නඩු ප්‍රමාදයට හේතුවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව දන්වමින් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ අධික රාජකාරි ප්‍රමාණයක් ගොඩගැසී තිබීමත්, එම දෙපාර්තමේන්තුව හරහා සිදුවන ප්‍රමාද පිළිබඳ ගැටලු සහගත තත්ත්ව හී අඛණ්ඩතාවත් මෙම ගැටවට හේතුවක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇති බව ද එම ලිපියෙහි සඳහන් වේ.

මතු පළ වන්නේ කතානායකවරයා වෙත විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම යොමු කර ඇති ලිපිය යි.

 

scl1

scletter2

WhatsApp Image 2026 08 04 at 11.52.58 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න