මෙරට සිනමා ක්ෂේත්රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ කේ.වෙන්කට් 1983 කළු ජූලියේ දී පණ පිටින් පුළුස්සා ඝාතනය කර වසර 43ක් සම්පූර්ණ වේ.
මෙරට සිනමා ක්ෂේත්රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ කේ.වෙන්කට් 1983 කළු ජූලියේ දී පණ පිටින් පුළුස්සා ඝාතනය කර වසර 43ක් සම්පූර්ණ වේ.
කැටපත නිර්මාණ සහ විචාර කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක් සාහිත්‍ය සම්මාන 2026' සම්මාන උලෙළ සඳහා ඔබ විසින් රචිත හෝ පරිවර්තිත, පළමු කෘතිය 2025 වසරේ පළමු මුද්‍රණය වන: නවකතාව, කෙටිකතා සංග්‍රහය, ළමා සාහිත්‍ය කෘතිය, පරිවර්තන නව කතාව, සිනමා සාහිත්‍ය කෘතිය හෝ ශාස්ත්‍රිය කෘතිය සඳහා සම්මාන පිදීමට බලාපොරොත්තු වන බව සංවිධායකයින් පවසයි.
මෙරට මහජනතාවට ලිංගිකත්වය පිළිබඳ නිවැරදි, විද්‍යාත්මක සහ වයසට ගැළපෙන අධ්‍යාපනික දැනුම ලබාදීමේ දී අනුගමනය කළ යුතු ජාතික ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාඡ් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ගේ සහභාගීත්වයෙන් ඊයේ (15) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි Jasmine ශාලාවේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වෙත රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවය හා ප්‍රණාමය පුද කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඊයේ (14) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වූ බවට චෝදනා ගොනු කර ඇප මත මුදා හැර ඇති රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ට නියෝග කළේ ය.
අමා ඔවිනි අලුත්ගේ විසින් රචිත ''ළිං මැඩියකුගෙ හදවත'' කාව්‍ය සංග්‍රහය ජූලි 18වන දා සවස 03.00 කොළඹ 07, හෝටන් පෙදෙසෙහි අංක 24 දරන ස්ථානයෙහි පිහිටි LIGHTHOUSE AUDITORIUM හි දී ජනගත කරයි.
“සීතල ගබඩා පැනල්” යැයි හඳුන්වමින් ආනයනය කළ, දෙහිවල සමාගමකට ප්‍රවාහනය කරමින් තිබූ චීන දුම්වැටි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සිගරට් බදු කපා හැරීම නිසා 2025 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජයට ලැබීමට තිබූ රුපියල් බිලියන 25කට අධික බදු ආදායමක් අහිමිව ඇති බව අනාවරණය වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
