අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව සහ,
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව සහ,
බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
දැනට ඉදිරිපත් වී තිබෙන පක්ෂ සංවිධානය පිළිබඳ සියලු යෝජනාවලට එජාප නායක රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කර ඇති බවත්, එම යෝජනා අනුව ඉදිරියේ දී ක්‍රියා කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය, එහි ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ, 2026 ජුනි 08වන දා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ දී: විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සඳහා සහයෝගීතා ප්‍රවර්ධන සුහද හමුවක් පැවැත්වී ය.
රෝහල්ගත කර සිටින රැඳවි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දෛනිකව බැහැදැකීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන දෙපළ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර වෙත ලිපි දෙකක් යොමු කර ඇත.
එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට අවේලාවේ ඇතුළු වූ ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලද පුවතක් එප්පාවල පොලිස් වසමෙන් වාර්තා වේ.
ලාංකීය ජනතාව සිය පරමාධිපත්‍ය බලය උපයෝගී කරගනිමින් වත්මන් පාලකයින් බලයට පත් කළේ සිහිබුද්ධියෙන් යුතුව රාජ්‍ය කටයුතු පරිපාලනය කිරීම සඳහා වුව ද තමන් අතට පත් වූ දේශපාලන අධිකාරී බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් පුරවැසියා මර්දනය කිරීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංගමය සඳහන් කරයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස ඇප මත මුදා හැර සිටි හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු සැගවීම සහ රටින් පැන යාමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියයට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කරමින් ජූලි 27 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නොතීසියක් නිකුත් කළේ ය.
පාස්කු ඉරු දින ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ පියා ජවිපෙ ජාතික ලයිස්තුවේ බව කිසිවකු කතා කරන්නේ නැතැයි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අද (10) යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
