2022 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220/-) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්රෑමයක් රුපියල් 225/- බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කළ පොළොන්නරුවේ “නිව් රත්න සහල් පුද්ගලික සමාගම (New Rathna Rice Pvt Ltd)” සහ එහි අධ්යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවරන ලද නඩුවට අදාළව අධිකරණය විසින් එම සමාගම වරදකරු කර රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක් නියම කර ඇත.

