දූෂණ විරෝධි පනතට යෝජනා කර ඇති නව සංශෝධන දූෂණයට එරෙහිව රට තුළ ගොඩනැගී ඇති මහජන මතයට පිටුපෑමක් වනවා මෙන් ම දූෂණයට එරෙහිව රටක් ලෙස තහවුරු කරගෙන පවත්නා නීතී දුර්වල කිරීමක් ලෙස ද සැලකිය හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
දූෂණ විරෝධි පනතට යෝජනා කර ඇති නව සංශෝධන දූෂණයට එරෙහිව රට තුළ ගොඩනැගී ඇති මහජන මතයට පිටුපෑමක් වනවා මෙන් ම දූෂණයට එරෙහිව රටක් ලෙස තහවුරු කරගෙන පවත්නා නීතී දුර්වල කිරීමක් ලෙස ද සැලකිය හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා භාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්රයේ පුරෝගාමී විද්වතෙකු, ප්‍රකට විචාරකයෙකු, කවියෙකු වූ මහාචාර්ය විමල් දිසානායක 86 වන වියේදී ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබේ.
2022 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220/-) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225/- බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කළ පොළොන්නරුවේ “නිව් රත්න සහල් පුද්ගලික සමාගම (New Rathna Rice Pvt Ltd)” සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරන ලද නඩුවට අදාළව අධිකරණය විසින් එම සමාගම වරදකරු කර රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක් නියම කර ඇත.
ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ප්රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත.
කල් ඉකුත් වූ ආනයනික ආයුර්වේද ඖෂධ විකිණීම සඳහා අනෙකුත් භාණ්ඩ සමග: ගබඩා කිරීම, ඒවා විනාශ කිරීම සම්බන්ධ ලේඛන පවත්වා නොගැනීම සහ උපරිම සිල්ලර මිල හෝ ආනයනකරු ගේ තොරතුරු සඳහන් නොකළ: ආයුර්වේද ඖෂධ, සුවඳ සබන් සහ ආලේපන වර්ග සන්තකයේ තබා ගැනීම මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කළ කොළඹ 13, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ පිහිටි “Orience International Business (Pvt) Ltd” ආයතනයට සහ එහි අධ්යක්ෂවරයාට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 05ක් යටතේ නඩු පවරා තිබුණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ යාපනය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
සූදූ නියාමනය අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධුරයට, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, මූල්‍යාධිකාරි ලෙස කටයුතු කළ ආචාර්ය අනුර වික්‍රමසිංහ පත් කර ඇත.
දේශපාලනඥයින් දෙන ලණු නොකන ලෙසත්, මීට පෙර ඔය ආකාරයට ම පක්ෂවලට කඩේ ගිය පොලිස්පතිවරුන්ට සිදුව ඇති දේ පිළිබඳ හිතලා බලන්නැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
බදු ආදායම් අතිරේක ආදායම් හොයාගත් බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුව ද ඒ අතිරේක ආදායම් සොයාගැනීම සඳහා වර්තමාන රජය: බදු වැඩි කර, විදුලි බිල වැඩි කර, ජීවන වියදම වැඩි කර මේ රටේ ජනතාවගේ රීරි මාංස උරා බී ඇති බවත්, එම නිසා පීඩාවට ලක්වෙන ජනතාව ගැන නියෝජ්‍ය කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
