මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගේ නම සම්බන්ධ කරමින් පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන් ගේ මැණික් හා රත්තරන්න සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයින් ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

