ඇමරිකානු ව්‍යාපාර සහ පාරිභෝගිකයන් ඉන්දු-පැසිෆික් කලාපය පුරා වෙළඳපොළ වෙත සම්බන්ධ කරන සමුද්‍රීය වෙළඳාම, ආයෝජන සහ නාවික ප්‍රවාහන ජාල සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා,
එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙලා මහත්මිය සහ එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) කොමසාරිස් රොබට් ජේ. හාවි මහතා සැප්තැම්බර් 6 සිට 10 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.