වේදිකාවල සිට ඉන්ධන මිල වැඩි නොකරන බව කියමින්, පසු දින මධ්‍යම රාත්‍රියේම ඉන්ධන මිල වැඩි කළ ජනාධිපතිවරයකු සිටින රටක්.
2027 වසර සඳහා ගෙන එන ආණ්ඩුවේ අයවැය දෙස ජනතාවක් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලා සිටිනා කාලයක්.
ඉන්දන, ගෑස්, විදුලිය, ආහාර මත සහනයක් ඉල්ලා සිහින දකිනා ජනතාවක්.
බලු බද්දේ සිට බදු සහ දඩ ගසමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින වත්මන් මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කළාපය හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්වෙමින් ඇති අවදානම් සහගත තත්ත්වය ගැන පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ පාර්ශව සමඟ සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබුණි.
IMF නියෝජිතයින් සහ රජය අතර පැවති සාකච්ජාව පිළිබඳ පැහැදිලි තොරතුරක් රජය පාර්ශවයෙන් හෙළිදරව් නොවූ පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් හමුවීමට ද පැමිණියේ ය.