සිංහල සාහිත්‍ය ඉතිහාසය විමසා බැලීමේ දී එහි වර්ධනය සම්භාව්‍ය සාහිත්‍යය, නවකතාව, කෙටිකතාව සහ කවිය යනාදි ප්‍රධාන ධාරාවලින් පමණක් සමන්විත වූවක් නොවේ. නො එසේ නම්, සාහිත්‍යයක් ජීවමාන සංස්කෘතික ක්‍රියාවලියක් බවට පත්කරන්නේ එහි උසස් සාහිත්‍ය කෘති පමණක් නොවේ. සාමාන්‍ය ජනතාව ගේ පරිකල්පන අවදි කළ, ඔවුන් ගේ කියවීමේ රුචිය හැඩගැස්වූ සහ පොත් වෙළෙඳපොළ තුළ විශාල සංසරණයක් ඇති කළ ජනප්‍රිය ප්‍රබන්ධ ද සිංහල සාහිත්‍ය ඉතිහාසයට එක්විය යුතුය.