ගෝඨාභය දෙවන වරටත්  ජනාධිපති අපේක්ෂක සංවාදය මඟහරියි !

ගෝඨාභය දෙවන වරටත්  ජනාධිපති අපේක්ෂක සංවාදය මඟහරියි !

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ප්‍රමුඛ පෙළේ  ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද (07)  කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණ නමුත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එම අවස්ථාව මඟහැර තිබේ.

මෙම ප්‍රසිද්ධ  සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව  එම අවස්ථාවට සහභාගීව සිටියේ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් පමණි. 

ගෝඨාභය රාජපක්ෂ විසින් සියලු ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සහභාගී වන සංවාදයක් මඟ හැරි දෙවන අවස්ථාව මෙය වන අතර සජිත් ප්‍රේමදාස සමඟ විවාදයකට පැමිණෙන ලෙස සිදුකල අභියෝගයටද ගෝඨාභය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

සංවාදයට බය පාලකයන් භයානකයි !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ සංවාදයට බය සහ වාද විවාද කිරීම ප්‍රිය නොකරන පාලකයන් භයානක බව ලෝක ඉතිහාසය විසින් ඔප්පු කර ඇති බවයි. 

එය ෆැසිස්ට් ආඥාදායක පාලනයක පෙර නිමිත්තක් බවත්, ඔවුන් අකමැතිම අනෙකාගේ විවේචනය සහ විරුද්ධ මත පිළිගැනීම බවත් ඔවුන් පවසයි.

එසේම එවැනි පාලනයක් ඇතිවුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය සහ  මාධ්‍ය නිදහස පමණක් නොව මිනිසුන්ගේ නිදහස් චින්තනයේ සිට සියල්ල මර්ධනය වනු ඇති බවත් එබැවින් මිනිසුන් තමන්ගේ ඉරණම ගැන වඩාත් ප්‍රවේශමෙන් සිතිය යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න