කොංග්‍රසය මගහරිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැවැන්ත අවි ගනුදෙනුවක්!

කොංග්‍රසය මගහරිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැවැන්ත අවි ගනුදෙනුවක්!

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය පියවර ගෙන තිබේ.

ඩොලර් මිලියන 650කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සඳහා අමෙරිකානු රජය සිය "හදිසි බලතල" (Emergency Authority) භාවිතා කර ඇත.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) විසින් පවතින තත්ත්වය "හදිසි අවශ්‍යතාවයක්" ලෙස නම් කරමින්, කොංග්‍රස් මණ්ඩලයේ සති කිහිපයක විමර්ශන කාලසීමාව මගහැරීමට අනුමැතිය ලබා දී ඇත.

මෙම ගනුදෙනුවට රාත්තල් 1000ක් බරැති BLU-110A/B වර්ගයේ බෝම්බ 12,000ක් සහ තවත් කුඩා ප්‍රමාණයේ බෝම්බ ඇතුළත් වේ.

ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මැදපෙරදිග කලාපීය තර්ජන මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ට්‍රම්ප් පරිපාලනයේ මෙම තීරණය විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, කොංග්‍රසය මගහැරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය උල්ලංඝනය වන බවට ඔවුන් චෝදනා කරති.

මෙම ගනුදෙනුව සිදුවන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර සතියක් ගතවන අවස්ථාවකය.

 

මූලාශ්‍ර

US bypasses congressional review to approve munitions sale to Israel

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න