ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ පුර්බා මේදිනිපූර් දිස්ත්‍රික්කයේ හල්දියා තෙල් පිරිපහදුවේ නැප්තා ප්‍රවාහන නළ පද්ධතියක අද (30) විශාල ගින්නක් හට ගෙන තිබේ. එම අනතුරින් සේවකයින් රැසක් තුවාළ ලබා ඇතැයි ද වාර්තා වේ; ගින්නට නිශ්චිත හේතුව මෙතක් අනාවරණය වී නැත.
ගින්න පාලනයට ගිනි භටයින් දැඩි වෙහෙසකර ක්‍රියාන්විතයක නිරතව සිටිතැයි වාර්තා වේ.
අද අලුයම 4ත්, 4.30ත් අතර එම නළ පද්ධතියේ මෙම හදිසි ගින්න හට ගෙන තිබේ. ඒ අවස්ථාවේ එහි සේවයේ යෙදී සිටි සේවකයින් රැසක් පිළිස්සුම් තුවාළ ලබා ඇතැයි 'ඉන්ඩියා ටුඩේ' පුවත් සේවය පවසයි. ගින්නත් සමග අවට ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී පවතී.
සටහන: Reuters සහ INDIA TODAY ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
