අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක 86 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිලියන 15ක් පැමිණෙතැයි බලාපොරොත්තුවක්

පසුගිය 3 වැනිදා සිට දින දෙකක කාලයක් පුරා අවමංගල යාඥා සිදු කිරීමෙන් පසු මහජන ගෞරවය සඳහා දේහය ටෙහෙරාන් නුවර ප්‍රධාන දේවස්ථානයේ තැන්පත් කර ඇති අතර, සිය ගෞරව පුද කිරීමට ඉරානයේ සහ ඉරාකයේ මිලියන 15කට අධික ජනතාවක් සහභාගිවනු ඇතැයි ඉරාන බලධාරීන් අපේක්ෂා කරයි.
මීට අමතරව රටවල් 100කට වැඩි ප්‍රමාණයකින් නියෝජිතයන් සහභාගි වීමට නියමිතව ඇති බවත්, පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්, ටජිකිස්තානයේ ජනාධිපති එමෝමාලි රහ්මාන්, ආර්මේනියා අගමැති නිකොල් පැෂින්යාන්, ජෝර්ජියාවේ ජනාධිපති මිකායිල් යිල්මාස් ඇතුළු රාජ්‍ය නායකයන්, උප ජනාධිපතිවරුන්, විදේශ ඇමැතිවරුන්, හමුදා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් ඒ අතර සිටින බව ද වාර්තා වනවා.
බාධාවක් නොකරන බව ට්‍රම්ප් පවසයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ: තුර්කිය, ඉන්දියාව, චීනය, රුසියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් රැසක නියෝජිතයන් ද එක්වී සිටින අතර, කිසිදු බාධාවකින් තොරව අවමංගල උත්සවය පැවැත්වෙන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙන්නේ අවමංගල්‍ය කටයුතු සිදුවන කාලය තුළ සිය හමුදාව කිසිදු ප්‍රහාරයක් සිදු නොකරන බව යි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සතියක කාලයක් පුරා පැවැත්වෙන මේ දීර්ඝ අවමංගල උත්සවයේ 7 වැනි දිනය වන ලබන 9 වැනිදා මෂ්ෂාද් ප්‍රාන්තයේ අයතුල්ලා අලි කමේනිගේ උපන් බිමේ දී භූමදාන කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

පෙබරවාරි 28 වැනිදා සිය නිල නිවාස සංකීර්ණයේ සිටිය දී එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් උත්තරීතර නායකයා සමඟ ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ දියණිය, බෑණනුවන්, ලේලිය සහ මිනිබිරිය ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන් ගේ දේහ ද අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, ප්‍රහාරයෙන් මියගිය ඔහුගේ මිනිබිරිය වූ මාස 14ක් වයසැති සව්රා මොහොමඩ් ගේ දේහය ඇගේ සීයා ගේ දේහය අසලින්ම තැන්පත් කර තිබෙන බව ද වාර්තා වේ. ඇගේ මව වන බුෂ්රා කමේනි ද මෙම ප්‍රහාරයෙන් මිය ගියා ය.
මූලාශ්‍ර -ITNnews
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
