මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ එහි දී මතුව ඇති ගැටලු පිළිබඳවත්, දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සහ නිවාස සඳහා වන්දි ගෙවීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ වැඩසටහන්වල ප්‍රගතිය සොයා බැලීමත් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ (20) මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී විය.
මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව කඩිනමින් විසඳීම සඳහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙමින් දිස්ත්‍රික්කයේ පානීය, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා ජල අවශ්‍යතාව පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ද එහි දී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ගොස් ඊට අදාළ ගැටලු සමීපව අධ්‍යයනය සිදු කරන ලෙස ද ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
එමෙන්ම, නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය සංවර්ධනයට ගෙන ඇති පියවර සහ ප්රදීපාගාරයක අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි. දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වූ පෙර සූදානම සහ අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
