කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස ඇප මත මුදා හැර සිටි හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු සැගවීම සහ රටින් පැන යාමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියයට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කරමින් ජූලි 27 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නොතීසියක් නිකුත් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදා හැර සිටි සැකකරු පසුගිය 2024 ජනවාරි 03 වනදා නීතිපතිවරයාගේ උපදෙස් මත මුදා හැරි බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වින්දිත පාර්ශ්වය කළ ඉල්ලීම සලකා ඔහු සැකකරුවෙක් ලෙස නම් කළ බව ද කීවේ ය. විමර්ශනයක් සිදු කරන ලෙසත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයට කරුණු දැක්වීය.
සිද්ධියට අදාළව දැනට ඇප මත සිටින සැකකරු රැදී සිටි පොල්වත්ත භාරව සිටි ලක්සිරි අමරසිංහ, හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුවො අධිකරණය හමුවේ පෙනී පෙනි සිටියේය.
කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මොවුන් තිදෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.
මේ සිද්ධියේ අතුරුදන් කළ නඩුවේ සැකකරුවෙක් වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රටින් පැන යාමට සහ සැඟවී සිටීමට අවශ්‍ය ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් නම් කර තිබුණි.

