මීගමුව බන්ධනාගාරයේ (ජූලි 05, 06) යන දින වල ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බරපතල තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු අද දින (07) මිය ගොස් ඇති අතර, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බව වාර්තා වේ.
එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 53 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සදහන් වේ.

