හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහු ගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මෙම නඩුව අද කැඳවීමෙන් පසුව ය.

