අල්ලස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
මෙලෙස නියෝග කළේ නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය. එදිනට නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන බව ද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූයේ ය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණිය වන හේමාලී විජේරත්නට එරෙහිව එලෙස නඩුව පවරා තිබුණි.
පෙර නඩු දිනයේ දී අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාල චෝදනාවලට නිවැරදිකාරී බව පවසා තිබුණා ය.

