2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙක් අතුරුදන් වීමේ සිද්ධියේ සැකකරුවෙක් වන නාවික නිලධාරී චන්දන ප්‍රසාද හෙට්ටිආරච්චි යන අයට සැඟවී විදේශගත වීමට ආධාර අනුබල දීම, තොරතුරු සැපයීම පැහැර හැරීම, විමර්ශන නිලධාරීන් ට බාධා කිරීම සහ දෙවන සැකකරුට තර්ජනය කිරීම යන චෝදනා ගොනු කළ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්න දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කළේය.
අධිකරණ නොතිසී ප්‍රකාරව අද අධිකරණය හමුවේ පෙනී සිටි තෙවන සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
පළමු සාක්ෂිකරු දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලන්තයේ සිටින පොලිස් නිලධාරි නිශාන්ත සිල්වා ට ජාත්‍යන්තර පොලීසිය නොසිසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලැබිණි.

