කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අත්අඩංගුවට

කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අත්අඩංගුවට

පසුගිය 21වන දා සවස: කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක් විසින් ලොරි රථ තුළ රහසිගතව ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකක අංක 01 නිලධාරීන් එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමක දී අත්අඩංගුවට ගනු ලැබී ය.

මෙම වැටලීමේදී, කල් ඉකුත් වූ ඝන පොහොර කිලෝග්‍රෑම් 376ක් සහ දියර පොහොර ලීටර් 1,170ක් සොයාගත්තේ ය.

අදාළ පොහොර තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. විමර්ශන අවසන් වීමෙන් අනතුරුව අදාළ ආයතනයට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිතය.

 

පාරිභෝගිකයින්ට සහ ගොවි ජනතාවට වැදගත් දැනුම්දීමක්

බාල ප්‍රමිතියේ, කල් ඉකුත් වූ හෝ පාරිභෝගිකයින් සහ ගොවි ජනතාව නොමඟ යවන ආකාරයෙන් අලෙවි කරනු ලබන භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න