පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුලුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා මිල ගණන් කැඳවීමේ දී පැමිණිලිකරුට එම ටෙන්ඩරය ලබා ගැනීමට හැකි වන පරිදි සැකකරු විසින් ඔහු ගේ පියා ගේ හා මාමා ගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබා ගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මුලින් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා,
එකී මුදල රුපියල් ලක්ෂ 25 දක්වා අඩු කර, නැවත එකී මුදල රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර, එම රුපියල් ලක්ෂ 20ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල ලබා දීම යන අල්ලස් චෝදනා මත ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන අරුණගිරි නාද ලෝගේන්ද්‍රන් සහ තවත් පුද්ගලයකු වන ලෝගෙන්ද්‍රන් සිවරාජි යන අය 2026.07.27 දින පිළිවෙළින් ප.ව 9.13ට සහ ප.ව.9.43 ට පමණ ගම්පොල තැපැල් කාර්යාලය අසල රථගාලේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

