වවුනියාව “Abisha Hospital” ආයතනයට රුපියල් ලක්ෂ පහක (500,000/-) දඩයක්

වවුනියාව “Abisha Hospital” ආයතනයට රුපියල් ලක්ෂ පහක (500,000/-) දඩයක්

පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මගින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂා සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති පාලන මිල (උපරිම ගාස්තුව රු. 400/-) ඉක්මවා මුදල් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 උල්ලංඝනය කළ වවුනියාව, රෝහල් පාරේ පිහිටි “අබිෂා හොස්පිට්ල් (Abisha Hospital Pvt Ltd)” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් පසුගිය14වන දා සිදුකළ විශේෂ වැටලීමක දී, රුපියල් 400ක පාලන මිල පැවති FBC පරීක්ෂාවක් සඳහා මෙම රෝහල මඟින් රුපියල් 550ක මුදලක් අය කිරීමේ චෝදනාව අනාවරණය කරගත්තේ ය.

මෙම නඩුව පසුගිය 28වන දා වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගරු අධිකරණය විත්තිකාර රෝහල් සමාගමට රුපියල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කිරීමට පියවර ගත්තේ ය.

පාරිභෝගිකයින් සූරාකමින් පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් හෝ රසායනාගාර පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න