හලාවත මුන්නේශ්වරම් ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ගේ දේවස්ථානයේ වාර්ෂික නිකිණි උත්සවය මෙම මස 14 වෙනිදා සිට 28 වෙනිදා දක්වා එම දේවස්ථානයේ දී පැවැත්වේ.
ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ට දිනපතා විශේෂ පූජා පැවැත්වෙන අතර දේව ප්‍රතිමාව රැගත් පෙරහැර වීථි සංචාරය කිරීම මෙම මස 28වෙනි දා සිදු කෙරන බව දේවස්ථානයේ ප්‍රධාන භාරකරු කාලිමුත්තු ශිවපාද සුන්දරම් සහ ප්‍රධාන පාලක එස්. කමල්රාජ් ප්‍රකාශ කරති.
ජේ.මුණසිංහ

