2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා (12) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේ ය.
මෙම නව චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කර තිබෙන්නේ මේ වන විට යල කන්නයේ වී විකුණා ගැනීමට නොහැකිව ගොවීන් බොහෝ පිරිසක් දුෂ්කරතාවලට මුහුණ පා ඇති පසුබිමක ය.
ඒ අනුව මෙම නව චක්‍රලේඛය හරහා සහතික මිලක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහ සමූපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වී තොග මිලදී ගැනීමට රජය කටයුතු කරනු ඇත. එමෙන්ම මේ හරහා තෝරාගත් වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහන පොලී ණයක් ලබා දීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුවේ දී මෙන්ම අවස්ථා රැසකදී අවධාරණය කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ රජය සමස්ත අස්වැන්නෙන් කොටසක් මිලදී ගෙන ස්ථාවර මිලක් නියම කළ යුතු බවත්, ඉන් පසු ඉතිරි අස්වැන්න මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඉඩ ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් අද වන විට වී මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවත්, එබැවින් ඔවුනට වී මිලදී ගැනීමට සහන පොලී ණයක් ලබා දීමට රජය කටයුතු කිරීමේ අවශ්‍යතාවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ මේ පිළිබඳව පැහැදිලි කෙරෙන වීඩියෝවකි.
වීඩියෝව නරඹන්න මෙතැනින්.

