හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් යළි නොවැමිබර් 02වන දා කැඳවීමට නියෝග

හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් යළි නොවැමිබර් 02වන දා කැඳවීමට නියෝග

පොලිස් පනත සහ මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන්,

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු සැකකරුවන් 15  දෙනාට එරෙහිව  විභාග වන නඩුවට අදාලව නීතිපති උපදෙස් ලබාගෙන නොවැම්බර් 2 වන  දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම  කුරුඳුවත්ත පොලිසියට අද (17)  නියෝග කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,කාන්තාවන් 13 දෙනෙකු සහ පුද්ගලයකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල නඩුව නොවැම්බර් 2 වන දින නැවත කැඳවීමට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න