යටිතල පහසුකම්, ජාතික සංවර්ධනයේ දී භෞතික සම්පත් අභිභවන ප්‍රබල මෙවලමක් බවට පත්වෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

යටිතල පහසුකම්, ජාතික සංවර්ධනයේ දී  භෞතික සම්පත් අභිභවන ප්‍රබල මෙවලමක් බවට පත්වෙනවා -  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

යටිතල පහසුකම් සංවර්ධනය, රජයකට හුදෙක් භෞතික ගොඩනැගීම් පමණක් නොවන බවත්,  එය ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් වන බැවින් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ රටේ ජනතාව ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ  අගෝස්තු 24 වන දින කොළඹදී ආරම්භ කළ පැසිෆික් ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ (PAQS) 2026 වාර්ෂික සම්මේලනයේ දී, එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනය (IQSSL) විසින් සංවිධානය කරන ලද මෙම සම්මේලනය අගෝස්තු 21 සිට 25 දක්වා  “Constructing the Evolution: Unleashing Human Intelligence” යන තේමාව යටතේ පැවැත්වේ.

තාක්ෂණය මූලික  වූ ලෝකයක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශීය සහ දේශීය ප්‍රමාණ සමීක්ෂණ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් මෙයට එක්ව සිටිති.

pm2826

සම්මේලනය නිල වශයෙන් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යතුමිය  සඳහන් කළේ, යටිතල පහසුකම් සංවර්ධනය යනු කවර හෝ රජයකට හුදෙක් භෞතික ගොඩනැගීම් පමණක් නොවන බවයි. එය ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් වන අතර, යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ  රටේ ජනතාව ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

pm8264

අද දින ගන්නාමෙම තීරණ අනාගත පරම්පරාවේ ජීවන තත්ත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රවර්ධනය කෙරෙහි කෙලින්ම බලපාන බැවින් එය දිගුකාලීන ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය  පෙන්වා දුන්නා ය.

මෙහි දී ප්‍රමාණ සමීක්ෂකයින්ගේ වර්තමාන කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ අගමැතිනිය, සාම්ප්‍රදායික මිනුම්කරණය සහ පිරිවැය ඇස්තමේන්තු කිරීමෙන් ඔබ්බට ගොස් ආයෝජන ඇගයීම, අවදානම් කළමනාකරණය, පිරිවැය සැලසුම්කරණය, කොන්ත්‍රාත් පරිපාලනය සහ තිරසාරභාවය වැනි පුළුල් පරාසයක ඔවුන් නියැළෙන බව ද  ප්‍රකාශ කළා ය.

සංකීර්ණ යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් නිවැරදි සහ තොරතුරු සහිත තීරණ ගැනීමට රජයකට මෙම වෘත්තීමය මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත්,  අනාගත ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය විද්‍යාත්මක පදනමක්, නිසි ප්‍රතිපත්ති, වෘත්තීය නිපුණතාව සහ තාක්ෂණය වගකීම්සහගත ලෙස භාවිත කිරීම මත පදනම් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

pm3826

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ, PAQS විධායක කමිටු සාමාජිකයින්, විදේශීය නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

(අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)          

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න