ප්‍රකාශයක් ලබාදීම සදහා දිවයිනට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදී චාමිකර බංඩාර ව කපා කොටා ඝාතනය කිරීමට කළුතර බන්ධනාගාරයේ දී ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් උත්සාහ කර ඇත.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
ඔහු ව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවට බන්ධනාගාර බලධාරීන් සහ ආරක්ෂක අංශය දැනුවත් කළ ද, ඒ පිළිබඳව කිසිවෙකු ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි පවුලේ අය පැවසුහ.
පැවති වාතාවරණය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය ආයතන ද දැනුවත් කර තිබිය දී මෙම තත්ත්වය උදාවීම කණගාටුවට කරුණකි.

