විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 : සම්මාන ලැබූ ජයග්‍රාහකයන්!

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 : සම්මාන ලැබූ ජයග්‍රාහකයන්!

ශ්‍රී ලංකාවේ විශ්ව විශ්ව විද්‍යාල පද්ධතියක් මගින් සංවිධානය කරනු ලබන ප්‍රථම සහ එකම ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මාන ප්‍රදානය වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 පසුගියදා(02) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් අඛණ්ඩව සංවිධානය කළ මෙවර සම්මාන ප්‍රධානයේදී 2025 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද (නවකතා, කෙටිකතා, පද්‍ය කාව්‍ය සංග්‍රහ, ගේය කාව්‍ය සංග්‍රහ සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය කෘතීන්) යන කාණ්ඩ 05 ක් යටතේ සම්මාන ප්‍රධානය සිදු කෙරුණ අතර, වට තුනකින් සමන්විත ඇගයීම් ක්‍රියාවලියක් ඔස්සේ අවසන් වටයට තේරී පත් වූ කෘතීන් අතරින් විශිෂ්ටතම නිර්මාණ කෘතීන් තෝරා ගන්නා ලදී.

ඒ අනුව අවසන් වටයට නිර්දේශ වූ කෘතින් අතරින්,

2025 වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය ජයග්‍රහණය කළේ සුරත් ද මැල් විසින් රචනා කළ 'ණයානන්දය’ නවකතාවයි. මෙම කෘතිය ප්‍රකාශයට පත් කළේ සරසවි ප්‍රකාශන ආයතනය විසිනි.

792910599 1634114328514001 6115790785697550064 n

791624420 1634114728513961 5415865738263856373 n

 

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ඒ ලස්සන තුවාල කැළැල’ කෙටි කතා සංග්‍රහයට හිමි විය. මෙම කෘතිය ප්‍රකාශයට පත් කළේ විදර්ශන ප්‍රකාශන ආයතනය විසිනි.

792651891 1634096031849164 7796296002277976027 n

791906522 1634097331849034 6149310001023572858 n

 

වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානය දිනා ගත්තේ මිරාන් දමීන්ද්‍ර පෙරේරා විසින් රචිත සැර සුවඳ මල් උයන’ පද්‍ය සංග්‍රහයයි. මෙම කෘතිය ඩ්‍රීම් පෙන්සිල් ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය.

791849021 1634078081850959 3276302765694722033 n

791599694 1634079851850782 3624648017091466183 n

 

වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සුනිල් ආර් ගමගේ විසින් රචිත මගේ අප්සරාවි’ කෘතියයි. මෙම කෘතිය ප්‍රකාශයට පත් කළේ සුරස ප්‍රකාශන ආයතනයයි.

792237093 1634015355190565 1017167425637519192 n

792146938 1634018275190273 5895646063975938165 n

 

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියට හිමි සම්මානය පිටතලාවේ විමලසාර හිමි විසින් රචිත සම්භාව්‍ය සිංහල ගද්‍ය රීති හා පාලි-සංස්කෘත ආභාසය කෘතියට හිමි විය. විද්‍යාලංකාර මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ විසින් මෙම කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී.

791660051 1634003795191721 5896023726376598634 n

793380439 1634006348524799 5543834725362390088 n

 

 

792324069 1634200425172058 8364805431741545171 n

787021592 1634200731838694 8560731736452984161 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න