2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ යන අයගේ උපදෙස් මත ඌව පළාත් සභා මැතිවරණය සඳහා රජයේ මුදල් භාවිතා කරමින් ටී ෂර්ට් මුද්‍රණය කළ සිද්ධියට අදාළව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමණාකරණ අධ්‍යක්ෂ රූහි ජවුෆර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද (03) රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
පැය දෙකකට ආසන්න කාලයක ප්‍රකාශයක්
එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම රහස් ප්‍රකාශ ගිය ලබා දීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ ය. මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර ඇති රූම් ජවුෆර් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී අධිකරණයෙන් පිටව ගියේ ය. සිද්ධියට අදාළව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ යන අය සැකකරුවෙක් ලෙස නම් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග නිකුත් කර ඇත.
2024 වසරේ ඔහු විදේශ ගතව ඇති බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.
සිද්ධියට අදාළව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු අධිකරණයට රහස් ප්‍රකාශ ලබා දී ඇත. හිටපු රැසියානු තානාපති උදයංග වීරතුංග යන අය ගේ ඉල්ලීමකට අනුව ටීෂර්ට් මුද්‍රණයට අධයක්ෂ මණ්ඩලය රැස්වීමකින් තොරව අවශ්‍ය අනුමැතිය දී ඇති අතර බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ රුව සහ පිටුපස දිනන ඌව සහ දේශපාලන සංවිධානයක නමක් මුද්‍රණය කරමින් මෙම ටී ෂර්ට් මුද්‍රණය කර ඇත.

