ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර ගෙන් ඊයේ (07) ඉල්ලීමක් කර ඇත.
එම ලිපියට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත. ඒ අනුව නාමල් රාජපක්ෂ අද (08) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ය.
පාර්ලිමේන්තුව අද (08) සිට ලබන 11වන දා දක්වා රැස්වීමට නියමිත ය.

