වත්මන් රජයේ විදේශ රටවල රැකියා ලබා දීමේ ප්‍රතිපත්තිය දුර්වල බවත් ඊශ්‍රයාල රැකියා ලබා දීම ද දුර්වල අකාර්යක්ෂම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (08) බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ දී විරෝධතාවක නිරතව සිටි 'ඊශ්‍රායල් යටිතල පහසුකම් අංශයේ ලොතරැයි අපේක්ෂිත එකමුතුව' හමුවෙමිනි.

මීට පෙර ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 3500කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් තමා පෙනී සිටි බවත්, අද වන විට යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ වසර 2ක් තුළ රැකියා දී නොමැති බවත් පොලිස් වාර්තා, යෝග්‍යතා පරීක්ෂණ ගත්තත් රැකියා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ක්‍රමයේ වෙනසක් පොරොන්දු වූ වත්මන් රජය මේ ගසාකන ක්‍රමවේද

560 දෙනකු මෙම රැකියා අපේක්ෂාවෙන් සිටින බවත් තවත් 1200ක් Infrastructure Lottery System (යටිතල පහසුකම් ලොතරැයි ක්‍රමය)හි සිටින බවත් මේ යටිතල පහසුකම් අයට සේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට ඇති ප්‍රධාන පොදු ගැටලුව වන්නේ රජය හරහා ක්‍රියාත්මක වන වැඩසටහන හෙමින් ක්‍රියාත්මක වීමත් පෞද්ගලික අංශයේ වැඩසටහන වේගයෙන් ක්‍රියාත්මක වීම බවත් විපක්ෂ නායකවරයා පැවසී ය. රජයෙන් මේ රැකියා සඳහා යන විට ලක්ෂ 10ක් වැනි සුළු මුදලක් වැය වුවත් පෞද්ගලිකව යනවා නම් ලක්ෂ 35ක් ගෙවිය යුතු බවත් මේ වැඩපිළිවෙළේ සූරාකෑම ගසා කෑම සිදුවන බවත් මේ අසාධාරණයට විරුද්ධව පෙනී සිටින බවත් සභාගර්භය තුළට ගොස් මේ ගැටලු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය. ක්‍රමයේ වෙනසක් පොරොන්දු වූ වත්මන් රජය මේ ගසාකන ක්‍රමවේදය නැති කර ලක්ෂ 10කට ඊශ්‍රයාල් යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් ටොම් පච දේශපාලනය නවත්වන ලෙස ඉල්ලා සිටින බවත් මේ දුර්වලතා මගහරවා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
මෙම සාමකාමී විරෝධතා පැවැත්වෙන ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අසාධාරණයට ලක්ව සිටින මෙම රැකියා අපේක්ෂිතයින් හමුවී ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තොරතුරු විමසා බැලී ය.


